Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඩුබායි මෙට්‍රෝව Eid Al Adha වෙනුවෙන් DXB වෙත සංචාරය පුළුල් සේවාවක් සමඟින් කාර්යක්ෂම මගී ප්‍රවාහනයක් වැඩි දියුණු කරයි

June 8, 2025

මෙම ගිම්හානයේදී RTA ඩුබායි පුරා ස්ථාන 40 ක රථවාහන වැඩිදියුණු කිරීම් දියත් කරයි

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට, ඖෂධ වර්ග කීපයක් අත්බෑගයේ රැගෙන යාම තහනම් කරයි

June 8, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, June 9
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»ඉන්දියාවේ කල්පේනි කොළඹ එයි
Sri Lankan news

ඉන්දියාවේ කල්පේනි කොළඹ එයි

kumudikaBy kumudikaOctober 21, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ඉන්දීය නාවික හමුදාවට අයත් INS කල්පේනි (INS Kalpeni)නෞකාව සෙනසුරාදා(19) කොළඹට සේන්දු වූ බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සදහන් කලේය.

එම නෞකාව නාවික සම්ප්‍රදායන්ට අනුකූලව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් උණුසුම් ලෙස පිළිගනු ලැබීය. අණදෙන නිළධාරී, කමාන්ඩර් සුනිල් කුල්හාරි සහ බටහිර නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් චින්තක කුමාරසිංහ මෙම නෞකාව රැදී සිටින කාලය තුළ හමුවීමට නියමිතය.

INS Kalpeni යනු ඉන්දියානු නාවික හමුදාවේ Car Nicobar-class Waterjet FAC පන්තියේ නෞකාවක් වන අතර එය 2010 ඔක්තෝබර් 14 දින පළමුවරට දියත් කර ඇත.
මෙම නෞකාව ලක්ෂද්වීප් දූපත් සමූහයේ කල්පේනි දූපත අනුව නම් කර තිබේ.

වෙරළ නිරීක්ෂණ සහ ආරක්‍ෂාව යන මූලික කාර්ය භාරය සමඟින් නෞකාව කොචි හි ස්ථානගත කර තිබේ. මෙම නෞකාව ජාවාරම් මර්දන, යාත්‍රාවලට ගොඩවීම, සෝදිසි කිරීම් සහ මුදාගැනීමේ මෙහෙයුම් සඳහා විශේෂීකරණය වේ.

නෞකාව 2024 ඔක්තෝබර් 19 සිට 21 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ රැඳී සිටී.
නෞකාව මගින් අත්‍යවශ්‍ය තාක්ෂණික ආධාරක මෙවලම් රැගෙනවිත් ඇති අතර, එය ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත භාරදීමට නියමිතය.

පහසුකම් ලබාගැනීමේ කටයුතුවලට අමතරව, නෞකාවේ කාර්ය මණ්ඩලය කොළඹ සහ ඒ අවට වැදගත් ස්ථාන නැරඹීමට ද බලාපොරොත්තු වේ.

මෙවැනිම වර්ගයේ ඉන්දීය නෞකාවක් වන INS Kabra,2024 ජනවාරි මාසයේදී කොළඹට පැමිණ ශ්‍රී ලංකා නාවික හමුදාවට සහ ගුවන් හමුදාවට අමතර කොටස් භාරදුන් බව ද ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සිහිපත් කරයි.

Asia Colombo Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleපාස්පෝට් බෙදා හැරීම අද සිට
Next Article අසලංක සහ මධුෂ්ක සුසංයෝගයෙන් කොදෙව්වන් පරදා ලංකාවට ජය
kumudika

Related Posts

ඩුබායි මෙට්‍රෝව Eid Al Adha වෙනුවෙන් DXB වෙත සංචාරය පුළුල් සේවාවක් සමඟින් කාර්යක්ෂම මගී ප්‍රවාහනයක් වැඩි දියුණු කරයි

June 8, 2025

මෙම ගිම්හානයේදී RTA ඩුබායි පුරා ස්ථාන 40 ක රථවාහන වැඩිදියුණු කිරීම් දියත් කරයි

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට, ඖෂධ වර්ග කීපයක් අත්බෑගයේ රැගෙන යාම තහනම් කරයි

June 8, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.