Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Sports»අසලංක සහ මධුෂ්ක සුසංයෝගයෙන් කොදෙව්වන් පරදා ලංකාවට ජය
Sports

අසලංක සහ මධුෂ්ක සුසංයෝගයෙන් කොදෙව්වන් පරදා ලංකාවට ජය

kumudikaBy kumudikaOctober 21, 2024No Comments3 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

නායක චරිත් අසලංක සහ සිය මංගල එක්දින ඉනිම ක්‍රීඩා කළ නිශාන් මධුෂ්ක ගොඩනැඟූ ශතක සබඳතාව හේතුවෙන් සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව ඊයේ රාත්‍රියේ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති පළමු එක්දින තරගයෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව කඩුලු 5ක ජයක් හිමි කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි විය.

මේ සමඟ තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට ද ශ්‍රී ලංකා පිලට හැකි විණී.

වර්ෂාවෙන් බාධා එල්ලවූ තරගයේදී පළමුව පන්දුවට පහර දුන් කොදෙව් ඉනිම ඕවර 38.3කින් නිමා වූයේ කඩුලු 4කට ලකුණු 185ක් ලබා සිටියදීය. පස්වරු 5.00ට පමණ වර්ෂාව පතිත වීමෙන් කොදෙව් ඉනිම නතර වූ අතර, පැය තුනහමාරකට ආසන්න කාලයක් වර්ෂාවට නැවතුණු තරගය යළි ආරම්භ වූයේ ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ඕවර 37කදී ලකුණු 237ක ඉලක්කයක් සමඟිනි. එම ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා පිල ඕවර 31.5කදී ජය තහවුරු කර ගත්තේ කඩුලු 5ක් පමණක් අහිමි කර ගනිමිනි.

ශ්‍රී ලංකා ඉනිමේ මුල් කඩුලු 3 ලකුණු 45ක් තුළ බිඳ වැටුණද සිය මංගල එක්දින තරගය ක්‍රීඩා කළ නිශාන් මධුෂ්ක නායක චරිත් අසලංක සමඟ එක්ව පන්දු 109කින් ලකුණු 137ක සබඳතාවක් ගොඩනඟමින් කණ්ඩායම ජයග්‍රාහී මාවතට ගෙන ගියහ. මංගල එක්දින ඉනිම ලකුණු 69 වෙද්දී මධුෂ්ක දැවී යෑමෙන් එම සබඳතාව බිඳ වැටිණි. පන්දු 54කට මුහුණ දුන් ඔහු හතරේ පහර 7ක් සහ හයේ පහරකින් ඉනිම වර්ණවත් කර ගත්තේය.

මධුෂ්ක දවාගත් ගුඩකේෂ් මෝති තවත් ලකුණු 5කට පසු අසලංකගේ ඉනිම ද නිමා කළේය. පන්දු 71කදී හතරේ පහර 8ක් සහ හයේ පහර 3ක් එල්ල කළ අසලංක ලකුණු 77ක් රැස් කළේය. අනතුරුව එක්වූ කමිඳු මෙන්ඩිස් පන්දු 21කින් නොදැවී ලකුණු 30ක් සහ ජනිත් ලියනගේ නොදැවී ලකුණු 18ක් රැස් කරමින් ශ්‍රී ලංකා ජය තහවුරු කළහ.

වර්ෂාව නිසා කොදෙව් ඉනිම නතර වන විට ෂර්ෆාන් රදර්ෆර්ඩ් ලකුණු 74ක් සහ රොස්ටන් චේස් ලකුණු 33ක් රැස් කරමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටියහ. රදර්ෆර්ඩ් පන්දු 82කදී හතරේ පහර 5ක් සහ හයේ පහර 3ක් එල්ල කර තිබූ අතර, හතරේ පහර 4ක් එල්ල කළ චේස් මුහුණදී තිබුණේ පන්දු 33කට පමණි. 26 වැනි ඕවරයේදී සිව්වැනි කඩුල්ල බිඳ වැටීමෙන් පසු එක් වූ මේ දෙදෙනා වර්ෂාව ඇද වැටීමේ ලකුණු පහළ වීම හේතුවෙන් 3 දශම ගණනක්ව තිබූ ලකුණු රැස් කිරීමේ වේගය 4.5කට වඩා ඉදිරියට ගෙන ගියහ. ඔවුන් දෙදෙනා 5 වැනි කඩුල්ලට ලකුණු 85ක් එක් කළේ පන්දු 78කිනි.

කෙදෙව් ඉනිම ඇරඹූ ඇලික් අතනාසේ (10) සහ බ්‍රෙන්ඩන් කිං (14) ලකුණු 41ක් වෙද්දී යළි ක්‍රීඩාගාරයට හරවා යැවීමට වනිඳු හසරංග සමත් වූ අතර, නායක ෂායි හෝප් තෙවැනි කඩුල්ල ලෙස ජෙෆ්රි වැන්ඩර්සේ හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවන විට රැස් කර සිටියේ ලකුණු 5ක් පමණි. කිසි කාර්ටි සිව්වැනි කඩුල්ල ලෙස දැවී යන විට ලකුණු 37ක් රැස් කර තිබිණි.

මේ තරගයේදී ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු නිශාන් මධුෂ්ක ජාත්‍යන්තර එක්දින වරම් දිනා ගැනීමට සමත් විය. ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර එක්දින පිටියට පිවිසි 214 වැනි ක්‍රීඩකයා ලෙස ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය මහතා අතින් එක්දින හිස්වැස්ම ලබා ගත්තේය.

දෙපිල අතර දෙවැනි එක්දින තරගය අනිද්දා (23) පල්ලෙකැලේදීම පැවැත්වේ.

බටහිර ඉන්දීය කොදෙව්

ඇලික් අතනාසේ ස්ට.කුසල් ප.හසරංග 10
බ්‍රෙන්ඩන් කිං ප.හසරංග 14
කිසී කාර්ටි ඇ.දුනිත් ප.අසලංක 37
ෂායි හෝප් ක.මු.ක. ප.හසරංග 5
ෂර්ෆාන් රදර්ෆර්ඩ් නොදැවී 74
රොස්ටන් චේස් නොදැවී 33

අතිරේක 12

එකතුව කඩුලු 4ක් දැවී (ඕවර 38.3) 185
කඩුලු බිඳ වැටීම: 1-34, 2-41, 3-54, 4-100

පන්දු යැවීම: අසිත 4-0-28-0, ලියනගේ 3-0-9-0, දුනිත් 7-0-20-0, හසරංග 6-0-18-2, 8.3-0-45-1, 10-0-56-1.

ශ්‍රී ලංකාව

නිශාන් මධුෂ්ක ඇ.කිං ප.මෝති 69
අවිශ්ක ප්‍රනාන්දු ඇ.චේස් ප.ජෝසප් 5
කුසල් මෙන්ඩිස් ඇ.හෝප් ප.ජෝසප් 13
සදීර සමරවික්‍රම ප.මෝති 18
චරිත් අසලංක ප.මෝති 77
ජනිත් ලියනගේ නොදැවී 18
කමිඳු මෙන්ඩිස් නොදැවී 30

අතිරේක 4

එකතුව කඩුලු 5ක් දැවී (ඕවර 31.5) 234

කඩුලු බිඳ වැටීම: 1-6, 2-22, 3-45, 4-182, 5-187

පන්දු යැවීම: සීල්ස් 4.5-0-43-0, ජෝසප් 6-0-39-2, මෝති 8-0-47-3, චේස් 6-0-42-0, වෝල්ෂ් 4-0-37-0, ෂෙපර්ඩ් 3-0-24-0.

Featured Sri Lanka World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඉන්දියාවේ කල්පේනි කොළඹ එයි
Next Article සෞදි අරාබියේ සිටි අනවසර සංක්‍රමණිකයන් 22,000 ක් අත් අඩංගුවට
kumudika

Related Posts

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.