Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ශ්‍රී ලංකාවේ පවුල් 22% ක් ණය අර්බුදයේ

May 19, 2025

ඩුබායි මහ නගර සභාව ඩුබායි ක්‍රීක් හි Deira Wharf සංවර්ධනය සම්පූර්ණ කරයි

May 19, 2025

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»UAE Sri Lankan»කොළඹ සියළු සාන්තුවරයන්ගේ විද්‍යාලයට වසර 120ක් පිරීම නිමිත්තෙන් එමීර් රාජ්‍යයේදී නෙට්බෝල් ශූරතාවලියක්
UAE Sri Lankan

කොළඹ සියළු සාන්තුවරයන්ගේ විද්‍යාලයට වසර 120ක් පිරීම නිමිත්තෙන් එමීර් රාජ්‍යයේදී නෙට්බෝල් ශූරතාවලියක්

kumudikaBy kumudikaOctober 25, 2024No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

2024 ඔක්තෝම්බර් 20 දා කොළඹ සියලුම සාන්තුවරයන්ගේ විද්‍යාලයේ 120 වැනි සංවත්සරය සැමරීම සඳහා, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආදි සිසුන්, අලුතින් පිහිටුවන ලද Sparks Netball UAE සමඟ එක්ව, Al Twar Dubai හි අල් සලාම් ප්‍රජා පාසලේදී නෙට්බෝල් තරඟාවලියක් පැවැත් වූහ. Sparks Netball UAE යනු එමීර් රාජ්‍යයේ නෙට්බෝල් ක්‍රීඩාව දිරිමත් කිරීම සහ ප්‍රවර්ධනය කිරීමේ මෙහෙවරක් සහිතව අලුතින් පිහිටුවන ලද ක්‍රීඩා සමාජයකි. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නෙට්බෝල් සඳහා නව උද්යෝගයක් ඇති කිරීම අරමුණු කරගනිමින් මෙම තරඟාවලිය පවත්වන ලදී. තරඟකාරී කණ්ඩායම් හයක් මෙහිදී ක්‍රීඩා කල අතර All Saints, Sparks, Sri Lions, International Schools, Dilshaath College, සහ Spirit of the Shalom එම කණ්ඩායම් ලැයිස්තුවට ඇතුලත් විය.

තරඟාවලියේ ශූරතාව ශ්‍රී ලයන්ස් කණ්ඩායම දිනා ගත් අතර ජාත්‍යන්තර පාසල් දෙවන ස්ථානයට පත් විය. සියළු සාන්තුවරුන්ගේ පාසල තෙවැනි ස්ථානය දිනා ගැනීමට සමත් වූහ. විශාල ප්‍රේක්ෂක සහභාගීත්වයක් සමඟින් උද්යෝගීමත් තරඟයක උණුසුම විඳ ගැනීමට සියලු දෙනාට හැකි විය.

ඩුබායි සහ උතුරු එමිරේට්ස් හි කොන්සල් ජනරාල් ගරු ඇලෙක්සි ගුණසේකර මහතා මේ සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ අතර ඔහුගේ පැමිණීම ප්‍රජාව තුළ සංස්කෘතික හා ක්‍රීඩා සබඳතාවල වැදගත්කම අවධාරණය කලේය.

සියළු සාන්තුවරයන්ගේ ආදි ශිෂ්‍යයින් සහ Sparks Netball UAE අතර ඇති සාර්ථක සහයෝගීතාවය හරහා ක්‍රීඩාව ප්‍රවර්ධනය කරමින්, ප්‍රජාව වඩාත් සමීප කරන තවත් මෙවැනි ඉසව් වෙනුවෙන් වේදිකාව නිර්මාණය කරන බවද සඳහන් වේ. මෙම ශූරතාවලිය මඟින් කොළඹ සියලුම සාන්තුවරයන්ගේ විද්‍යාලයේ සංවත්සර සැමරීමේ සන්ධිස්ථානයක් සනිටුහන් කළා සේම එමීර් රාජ්‍යයේ දැල්පන්දු ක්‍රීඩකයින්ට ඔවුන්ගේ දක්ෂතා ප්‍රදර්ශනය කිරීමට විශාල වේදිකාවක් ද සපයා දුනි.

Dubai Featured Sri Lanka UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඩුබායි ගුවන් සේවා අංශයෙන් 2030 වන විට ආර්ථිකය ඩිරාම් බිලියන 196 ක දායකත්වයක්
Next Article ඩුබායි ප්‍රවාහන අධිකාරියෙන් Dh10,000 මුදල් ත්‍යාග සහ 50gm රන් බාර් දිනා ගන්න අවස්ථාවක්
kumudika

Related Posts

ශ්‍රී ලංකාවේ පවුල් 22% ක් ණය අර්බුදයේ

May 19, 2025

ඩුබායි මහ නගර සභාව ඩුබායි ක්‍රීක් හි Deira Wharf සංවර්ධනය සම්පූර්ණ කරයි

May 19, 2025

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.