දකුණු ඉන්දීය සිනමාවේ ජනප්‍රිය රංගන ශිල්පී තලපති විජේ සිය නායකත්වයෙන් යුතු තමිල්ගා වෙට්රි කලගම් පක්ෂයේ මංගල රැලිය ඊයේ (27) පැවැත්විණි
තමිල්නාඩුවේ වික්‍රාවන්ඩි හිදී පැවති මෙම රැලියට අති විශාල ජනකායක් රැස්ව සිටි බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත. උද්යෝගිමත් ආධාරකරුවන් විශාල පිරිසක් එහි සිටි බව සදහන් වේ.
එහිදී අදහස් පළකළ විජේ අවධාරණය කළේ, තමිල්නාඩුවේ දශක ගණනාවක් පුරා ක්‍රියාත්මක, ද්වි පක්ෂ දේශපාලනයට තිත තබා ප්‍රාන්තයේ ප්‍රධාන බලවේගය වීම සිය අපේක්ෂාව බවය.
මේ වන විට 50 හැවිරිදි වියේ පසුවන තලපති විජේ, පසුගිය පෙබරවාරි මාසයේදී තමිල්ගා වෙට්රි කලගම් පක්ෂයේ කටයුතු ආරම්භ කළ අතර ඔහු 2026 පාර්ලිමේන්තු මැතිවරණයේදී තමිල්නාඩු දේශපාලනයට නව මානයක් එක් කරනු ඇතැයි බොහෝ දෙනා අපේක්ෂා කරති.