ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව තීරුබදු ප්‍රතිපත්තිය යටතේ අයිෆෝන් එකක මිල තුන් ගුණයකින් ඉහළ යා හැකි බව විශ්ලේෂකයින් පවසයි.
ඒ අනුව අමෙරිකාවේ ඇපල් මාදිලියේ ජංගම දුරකථන නිෂ්පාදනය කළ හොත් එය ඩොලර් 3,500 දක්වා මිල තුන් ගුණයකින් ඉහළ යා හැකි බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ
එමෙන්ම වර්තමාන මිල ලෙස ඩොලර් 1,000ක් සටහන් වන දුරකථනයක මිල තුන් ගුණයකට වඩා ඉහළ යා හැකි බවට විශේෂඥයින් පවසයි.
නිෂ්පාදනය චීනයෙන් අමෙරිකාවට මාරු කිරීමට සිදුවුවහොත් 256GB iPhone 16 Pro එකක මිල ඩොලර් 1,100 සිට ඩොලර් 3,500 දක්වා ඉහළ යා හැකි බවට විශේෂඥයින් අනතුරු අඟවා ඇත.
බොහෝ අයිෆෝන් තවමත් චීනයේ නිපදවන අතර, එය අමෙරිකාවට අපනයන සඳහා සියයට 54ක තීරු බද්දකට මුහුණ දීමට සිදු වේ.
එසේම චීනය සතුව නිෂ්පාදනය පැවතුනහොත් ඇතැම් විශ්ලේෂකයින් පවසන්නේ, iPhone 16 ඩොලර් 799 සිට ඩොලර් 1,142 දක්වා ඉහළ යා හැකි බවයි.
ඇපල් සමාගම වසරකට ජංගම දුරකථන මිලියන 220කට වඩා අලෙවි කරන අතර, ඊට විශාලතම වෙළඳපොළවල් අතර අමෙරිකාව, චීනය සහ යුරෝපය ඇතුළත්ය.
කෙසේ වෙතත් පසුගියදා සමාගමේ කොටස් සියයට 9.3කින් පහත වැටුණු අතර, 2020 මාර්තු මාසයෙන් පසු මෙසේ පහත වැටුණු ප්‍රථම අවස්ථාව වේ.
එහිදී වෙළෙඳපොළ වටිනාකමෙන් ඩොලර් බිලියන 311ක් එම සමාගමට අහිමිව ඇති බව මාධ්‍ය වාර්තා සඳහන් කරයි.