Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ශ්‍රී ලංකාවේ පවුල් 22% ක් ණය අර්බුදයේ

May 19, 2025

ඩුබායි මහ නගර සභාව ඩුබායි ක්‍රීක් හි Deira Wharf සංවර්ධනය සම්පූර්ණ කරයි

May 19, 2025

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Tuesday, May 20
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»පාස්පෝට් ගන්න Online ක්‍රමයක්
Sri Lankan news

පාස්පෝට් ගන්න Online ක්‍රමයක්

kumudikaBy kumudikaNovember 4, 2024No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමට දිනයක් ලබනා 06 වැනිදා සිට මාර්ගගත ලෙස (Online) වෙන් කරවා ගත හැකි බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ වැඩ බලන පාලක ජනරාල් නිලූෂා බාලසූරිය මහත්මිය පැවසුවාය.

ඒ අනුව නොවැම්බර් මාසේ 6 වැනිදායින් පසුව දිනයක් වෙන් කරවා ගැනීමේ අපේක්ෂාවෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුවට පැමිණීමෙන් වළකින ලෙස ඇය අද(04) පැවැති මාධ්‍ය හමුවකදී කියා සිටියාය.

එම අවස්ථාවේ දී අදහස් දැක්වූ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ වැඩ බලන පාලක ජනරාල් නිලූෂා බාලසූරිය මහත්මිය මෙසේ පැවසුවාය.

” ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සතුව මාර්ග ගතකාමය හරහා දිනයක් ලබා ගැනීම සඳහා පසුගිය කාලයේ පැවති ක්‍රමවේදය විවිධ හේතූන් නිසා ක්‍රියාත්මක කළ නොහැකි තත්ත්වයට පත්විය.

ඒ අතර වාරයේදී දෙපාර්තමේන්තුව සතු විදේශ ගමන් බලපත්‍ර තොගය සීමා වීමේ හේතුවෙන් ඉල්ලුමට සරිලන ආකාරයේ මහජනතාව වෙත ගමන් බලපත්‍ර ලබාදීමේ අපහසුතාවයක් පැන නැගුණු අතර ගුවන් ගමන් බලපත්‍රයක් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් අයදුම්කරුවන් විශාල ප්‍රමාණයක් දෙපාර්තමේන්තුව වෙත පැමිණෙන ලදී.

එම උද්ගත වූ තත්ත්වය තුළදී ගමන් බලපත්‍රයක් සකසා ගැනීම සඳහා දෙපාර්තමේන්තුව වෙත පැමිණ ඉදිරි දිනයක් ලබා ගැනීමට සිදුවීමෙන් මහජනතාවට අපහසුතාවයට හා පීඩාවට පත්වීමට සිදුවූ බව දෙපාර්තමේන්තුවට නිරීක්‍ෂණය විය.

මහජනතාව වෙත වඩාත් පහසු සේවාවක් ලබාදීම සඳහා ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පසුගිය කාලය පුරා විවිධ අත්හදා බැලීම් සිදු කළ අතර එහි ප්‍රතිඵලයක් ලෙස පහත දැක්වෙන මාර්ගගත ක්‍රමය හඳුන්වාදීමට තීරණය කරනන ලදී.

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ www.immigration.gov.lk වෙබ් අඩවියට පිවිස “විදේශ ගමන් බලපත්‍රය ලබාගැනීම සඳහා දිනයක් වෙන් කර ගැනීම” යන සබැඳියට පිවිසීම තුළින් ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා දිනයක් වෙන්කර ගත හැක.

මෙම මාර්ගගත ක්‍රමවේදය 2024.11.06 දින සිට ආරම්භ කෙරේ.
ඒ හේතුවෙන් දිනයක් වෙන් කර ගැනීමේ අපේක්ෂාවෙන් මින් ඉදිරියට දෙපාර්තමේන්තුව වෙත පැමිණීමෙන් වළකින ලෙස මහජනතාව වෙත කාරුණිකව දැනුම් දෙනු ලැබේ .

අන්තර්ජාල පහසුකම් සහිත ඕනෑම පරිගණක යන්ත්‍රයකින් හෝ ජංගම දුරකථනයකින් ආගමන හා විගමන දෙපාර්තමේන්තු වෙබ් අඩවියට ප්‍රවේශ වීමේ හැකියාව මහජනතාව වෙත ඇති බැවින් කිසිදු වෙනත් ආයතනයක් හෝ පාර්ශවයක් වෙත මුදල් ගෙවීමෙන් වළකින ලෙස අවධාරණය කරන අතර නීත්‍යානුකූල නොවන ලෙසට මාර්ගගත ක්‍රමවේදයට ප්‍රවිෂ්ට වීමට උත්සාහ කිරීමෙන් දිනයක් වෙන් කර ගැනීමේ හැකියාව තවදුරටත් ප්‍රමාද වීමට ඒ හේතුවක් වන බවද ප්‍රකාශ කෙරිණි.

දිනයක් වෙන් කර ගැනීමේදී ඇතිවන තාක්ෂණික ගැටලුවලට රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය දුරකථනය වන 1919 හරහා පිළිතුරු ලබාගත හැකි අතර, ඉතා නුදුරු දිනකදී ආගමන හා විගමන දෙපාර්තමේන්තු තොරතුරු කේන්ද්‍රය වන 1962 හරහාද මෙම නව මාර්ගගත ක්‍රමවේදය පිළිබඳ ඇති වන ගැටලු විමසිය හැක.

Colombo Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඑමීර් රාජ්‍යය නැවත ස්ථානගත කිරීම සහ සංචාරය සඳහා ලොව හොඳම ගමනාන්ත 10 අතරට
Next Article ඇමරිකාවේ ජනාධිපතිවරණය අද
kumudika

Related Posts

ශ්‍රී ලංකාවේ පවුල් 22% ක් ණය අර්බුදයේ

May 19, 2025

ඩුබායි මහ නගර සභාව ඩුබායි ක්‍රීක් හි Deira Wharf සංවර්ධනය සම්පූර්ණ කරයි

May 19, 2025

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.