නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම දිවයිනට
විස්සයි විස්ස සහ එක් දින තරග සංචාරයක් සදහා නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම ඊයේ (04) රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත ලඟා වූහ.
විස්සයි විස්ස පළමු තරගය එළඹෙන 09 වන දාත්, දෙවන තරගය එළඹෙන 10 වන දිනත් දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී රාත්‍රී තරඟ ලෙස පැවැත්වීමට නියමිතය.
එක් දින සීමිත ඕවර් 50 පළමු තරගය 11/13 දින දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දීත් ,ඉතිරි තරග දෙක 11/17 දින සහ 11/19 දින පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී දිවා රාත්‍රී තරග ලෙසත් පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සැලසුම් කර තිබේ.
නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ 12 දෙනෙකු මෙසේ ඊයේ රාත්‍රී 11.30 ට සිංගප්පූරුවේ සිට සිංගප්පූරු ගුවන් සේවයේ S.Q- 468 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.
ඔවුන් පිළිගැනීම සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.