ශ්රී ලංකා ඉතිහාසයේ පළමු වරට අයිස්ලන්තයේ සිට සංචාරකයන් පිරිසක් අද (නොවැ 05) උදෑසන කටුනායක ගුවන් තොටුපොළට පැමිණ තිබේ.
ඔවුන් පැය 24ක දීර්ඝ ගුවන් ගමනකින් පසුව අද උදෑසන 8:33 ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇත.
24 දෙනෙකුගෙන් සමන්විත මෙම සංචාරකයන් පිරිස දින 14 ක කාලයක් ශ්රී ලංකාවේ සංචාරයෙහි නිරත වීමට නියමිත වේ.
මෙම සංචාරකයන් පිරිස කොළඹ, හබරණ, මහනුවර, සීගිරිය, දඹුල්ල, බෙන්තොට, ඇල්ල සහ යාල යන ප්රදේශවල සංචාරයෙහි නියැලීමට සැලසුම් කර තිබේ.