Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»UAE Sri Lankan»එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති නැවත කැඳවීමට සූදානමක්
UAE Sri Lankan

එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති නැවත කැඳවීමට සූදානමක්

kumudikaBy kumudikaNovember 11, 2024Updated:November 11, 2024No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

එක්සත් අරාබී එමීර් රාජ්‍යයේ වත්මන් තානාපතිවරයා වන ආචාර්ය උදය ඉන්ද්‍රරත්න මහතාව යළි ශ්‍රි ලංකාවට යළි කැදවීමට රජය තීරණය කර තිබේ. ඊට හේතු වී තිබෙන්නේ එම පත් වීම දේශපාලනික පත් වීමක් ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් සිදු කළ පත් වීමක් නිසා බව වාර්තා වේ.

අති දක්ෂ තානාපතිවරයෙකු ලෙස ප්‍රකට ආචාර්ය උදය ඉන්ද්‍රරත්න මහතා “Dean of Ambassadors,” නමින් ද ප්‍රකටව සිටී. ඔහු එමීර් රාජ්‍යයේ ඉහළ රාජ්‍ය තාන්ත්‍රිකයෙකු ලෙස කීර්තීයක් ද ලබා තිබේ.
ඔහු තානාපතිවරයෙකු ශ්‍රි ලංකාවට අතිමහත් සේවයක් ඉටු කල ඇති අතර එමීර් රාජ්‍යයෙන් ශ්‍රි ලංකාවට අරමුදල් ලබා ගැනීම සදහා ද ක්‍රියා කර තිබීම විශේෂත්වයකි.

විශේෂයෙන්ම විදේශ අමාතය විජිත් හේරත් මහතා විසින් ඔහුව ජාතික වත්කමක් ලෙස මීට පෙර දක්වා තිබූ අතර අන්තර්ජාතික වේදිකාව තුළ ශ්‍රි ලංකාවට වැදගත් පුද්ගලයෙක් ලෙස ද ඔහුව හදුන්වා දී තිබේ.

ඔහුගේ වෘත්තිය ජිවීතයද එක්සත් අරාබී එමීර් රාජ්‍යයේ අතිශ්‍ය වැදගත් ස්ථානයක් උසුලනු ලැබූ අතර ඔහු අබුඩාබි සංස්කෘතික හා සංචාරක දෙපාර්තමේන්තුවේ සභාපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයෙක් ලෙස ඔහුගේ වෘත්තිය නිපුණත්වය ඉහළින්ම පෙන්වා ඇත. එසේම ඒ මහතා ඩුබායි හි සංචාරක දෙපාර්තමේන්තුවේ ප්‍රතිපත්ති හා පර්යේෂණ පිළිබදව විධායක අධ්‍යක්ෂවරයෙක් ද ලෙස ද කටයුතු කර ඇති අතර පැරිස් සොබොන් විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්යවරයෙක් ලෙස ද කටයුතු කර තිබේ. මේ අතර ජාත්‍යන්තර වේදිකාවේ ප්‍රධාන උත්සව ගණනාවක ප්‍රධාන දේශකයෙක් ලෙස කටයුතු කරමින් ඔහු ශ්‍රි ලංකාවට මහත් අභිමානයක් ගෙන දුන් පුරවැසියෙක් ද වේ.

මැද පෙරදිග කලාපයේ ශක්තිමත් ඵලදායී ලෙස සබදතා ඇති ආචාර්ය උදය ඉන්ද්‍රරත්න මහතා වැනි අය ඉවත් කිරීම මගින් ඔහුගේ රටට තවදුරටත් ලබාගත හැකිව තිබූ වටිනා සේවය අහිමි වීමකි.

කෙසේ වෙතත් රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග අනූව ආචාර්ය උදය ඉන්ද්‍රරත්න මහතාව යළිත් එම තනතුරට පත් කීරීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව ඇති බවද ආරංචි මාර්ග සඳහන් කරයි.

Dubai Featured Sri Lanka UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleමෙවර මැතිවරණයේදී පාට කරන්නේ දබර ඇඟිල්ල
Next Article එමීර් රාජ්‍යයේ සේවා යෝජකයන්ට ඉතුරුම් යෝජනා ක්‍රමයට ලියාපදිංචි වන ලෙස උපදෙස්
kumudika

Related Posts

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.