Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඩුබායි මෙට්‍රෝව Eid Al Adha වෙනුවෙන් DXB වෙත සංචාරය පුළුල් සේවාවක් සමඟින් කාර්යක්ෂම මගී ප්‍රවාහනයක් වැඩි දියුණු කරයි

June 8, 2025

මෙම ගිම්හානයේදී RTA ඩුබායි පුරා ස්ථාන 40 ක රථවාහන වැඩිදියුණු කිරීම් දියත් කරයි

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට, ඖෂධ වර්ග කීපයක් අත්බෑගයේ රැගෙන යාම තහනම් කරයි

June 8, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, June 9
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»ශ්‍රී ලංකාව සයිබර් ආරක්ෂණය සම්බන්ධයෙන් ජාත්‍යන්තර ඇගයුමට
Sri Lankan news

ශ්‍රී ලංකාව සයිබර් ආරක්ෂණය සම්බන්ධයෙන් ජාත්‍යන්තර ඇගයුමට

kumudikaBy kumudikaNovember 20, 2024No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ගෝලීය සයිබර් ආරක්ෂණ දර්ශකය (The Global Cybersecurity Index -GCI) 2024 වසරේ වාර්තාවෙන්, ශ්‍රී ලංකාව මෙම ඇගයුමට ලක්කර ඇති බව ශ්‍රී ලංකා සර්ට් ආයතනය පවසයි.

2015 දී ජාත්‍යන්තර විදුලි සංදේශ සංගමය International Telecommunication Union (ITU) විසින් ආරම්භ කරන ලද මෙම වාර්තාවෙහි අරමුණ වන්නේ ඒ ඒ රටවල සයිබර් ආරක්ෂාව වැඩිදියුණු කිරීමේ අවශ්‍ය ක්ෂේත්‍ර හඳුනා ගැනීමයි. මෙම උපදේශන පදනම් කරගෙන නිර්මාණය කරන ලද ගෝලීය සයිබර් ආරක්ෂණ දර්ශකය(GCI) අනුව රටවල් වල සයිබර් ආරක්ෂණ සුදානම කාණ්ඩ පහකට අනුව වර්ග කරන අතර ශ්‍රී ලංකාව එම දර්ශකයේ දෙවන පෙළ රටක් ලෙස (Advancing nation) ඇගයුමට ලක්කර ඇත.

සයිබර් ආරක්ෂණය සඳහා ඒ ඒ රටවල සුදානම තක්සේරු කිරීම සඳහා වූ ජාත්‍යන්තර සහතිකයක් ලෙස මෙම ඇගයුම පිළිගැනේ. මෙම දර්ශකය මගින් ප්‍රධාන උපදර්ශක (indicators )පහක් ඔස්සේ සයිබර් ආරක්‍ෂාව සඳහා රටවල් 193ක් දක්වන සුදානම පිළිබඳ පුළුල් ඇගයීමක් සිදුකරයි. එම උපදර්ශක වන්නේ සයිබර් ආරක්ෂාව සම්බන්ධ නෛතික රාමුවල පරිණතභාවය ,ඒ ඒ රටවල සයිබර් ආරක්ෂණ කටයුතු සදහා තාක්‍ෂණික වශයෙන් ඇති සුදානම ,සයිබර් ආරක්ෂාව, ධාරිතා සංවර්ධනය සහ සයිබර් ආරක්ෂණ වටාපිටාවක් ක්‍රියාත්මක කිරීම සදහා ආයතන සමග ඇතිකරගන්නා සහයෝගීතාව යන අංශ පහයි.

2024 වාර්තාවට අනුව ,ශ්‍රී ලංකාව 2 වන පෙළ – ඉදිරියට යන රටක් ලෙස වර්ගීකරණය කර ඇත. ශ්‍රී ලංකාවේ සයිබර් ආරක්ෂාව සම්බන්ධ හැකියාවන් සහ නෛතික රාමුවල ශක්තිමත් භාවය , තාක්ෂණික ක්‍රියාමාර්ග සහ ධාරිතා සංවර්ධනය යනාදී අංශ මෙහිදී විශේෂ ඇගයුමට ලක්ව තිබේ.

කෙසේ වෙතත්, සංවිධානාත්මක සහ සහයෝගීතාව , වර්ධනය කරගනිමින් සයිබර් ආරක්ෂණ වටාපිටාවක් නිර්මාණය කිරීමට ශ්‍රී ලංකාව තවදුරටත් කටයුතු කලයුතු කිරීමේ වැදගත්කම පෙන්වාදෙමින් මෙම දත්ත මගින් ශ්‍රී ලංකාවේ සයිබර් ආරක්ෂණ ක්‍රියාවළියේ වර්ධනය සදහා වූ ශක්තිමත් කැපවීම ඇගයුමට ලක්කර ඇත. රටේ සයිබර් ආරක්ෂණ ක්‍රියාවලිය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය ආයතනික රාමු වැඩිදියුණු කිරීම ,තාක්ෂනය උපරිම වශයෙන් යොදාගැනීම අඛණ්ඩ පුද්ගල ධාරිතා සංවර්ධනය රාජ්‍ය ආයතන තුළ සයිබර් ආරක්ෂණ ක්‍රමවේද ක්‍රියාත්මක වීම සහ ජාත්‍යන්තර සහයෝගීතාව වර්ධනය කිරීම සඳහා වූ තම අඛණ්ඩ උත්සාහයන් මෙම වාර්තාව මගින් දිරිමත් කරකරන බව ශ්‍රී ලංකා සර්ට් ආයතනය සදහන් කරයි.

ශ්‍රී ලංකා සර්ට් ආයතනය රටේ සයිබර් ආරක්ෂණ සුදානම ඉහළ නැංවීමට සහ නුදුරු අනාගතයේ දී පළමු පෙළ (T1) රටක් ලෙස ආදර්ශමත් තත්ත්වයකට පත් කිරීමට අවශ්‍ය ක්‍රියා මාර්ග රැසක් මේ වනවිට දියත්කොට ඇත.

ජාතික සයිබර් ආරක්ෂණ මුලෝපාය (2025-2028),ක්‍රියාත්මක කිරීම , ජාතික සහතික කිරීමේ අධිකාරිය පිහිටුවීම මගින් ඉලෙක්ට්‍රොනික ගනුදෙනු කිරීම සදහා අවශ්‍ය වටාපිටාව නිර්මාණය කිරීම සහ ජාතික සයිබර් ආරක්ෂණ මෙහෙයුම් මධ්‍යස්ථානය පිහිටුවා ක්‍රියාත්මක කිරීම මගින් තීරණාත්මක ඩිජිටල් යටිතල පහසුකම් පවත්වාගෙන යන ආයතන ආරක්ෂා කිරීම,ධාරිතා සංවර්ධනය ,සයිබර් ආරක්ෂණ ප්‍රති පතතිය රාජ්‍ය ආයතන තුළ ක්‍රියාත්මක කරමින් ඒවායේ සයිබර් ආරක්ෂණ සුදානම වර්ධනය කිරීම ඇතුළු ක්‍රියාමාර්ග විශාල ප්‍රමාණයක් මේ වනවිට දියත්කොට ඇත.

Sri Lanka World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleආසියානු සංවර්ධන බැංකුවෙන් ලංකාවට ඩොලර් මිලියන 200 ක්
Next Article බ්‍රිතාන්‍යයේ වෙසෙන ලාංකේය සිසුවෙක් නවකතාවක් එළි දක්වයි
kumudika

Related Posts

එළවළු ආනයනය කිරීමටත්  මිලියන ගණනක් වැය වෙයි

June 8, 2025

ජනාධිපති සමාව අනීතික ලෙස භාවිත කරමින් සිරකරුවන් නිදහස් කර ඇති බව හෙළි වේ

June 8, 2025

ජාත්‍යන්තර සාගර දිනය අදයි

June 8, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.