Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ශ්‍රී ලංකාවේ පවුල් 22% ක් ණය අර්බුදයේ

May 19, 2025

ඩුබායි මහ නගර සභාව ඩුබායි ක්‍රීක් හි Deira Wharf සංවර්ධනය සම්පූර්ණ කරයි

May 19, 2025

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Tuesday, May 20
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»sri Lankan special»ඊශ්‍රායල් රැකියා සඳහා යන ලාංකිකයන්‍ට ගුවන් ටිකට් මිල අඩු කිරීමට සැලසුම්
sri Lankan special

ඊශ්‍රායල් රැකියා සඳහා යන ලාංකිකයන්‍ට ගුවන් ටිකට් මිල අඩු කිරීමට සැලසුම්

kumudikaBy kumudikaNovember 21, 2024No Comments3 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ඊශ්‍රායලයේ රැකියා සඳහා පිටත් වන ශ්‍රමිකයින්ගෙන් අය කරන ගුවන් ටිකට්පත් ගාස්තුව ඉතා අධික යැයි පැමිණිලි ලැබී ඇත. ඒ පිළිබඳව වහාම සොයා බලා කටයුතු කිරීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සි ආයතනයේ සභාපති ආනන්ද ලාල් හෙට්ටිආරච්චි මහතා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ගත් පියවර මත එම ගුවන් ටිකට්පතක මිල ඉතා විශාල ප්‍රමාණයකින් අඩු කිරීමට හැකි වි තිබේ.

ඒ සම්බන්ධයෙන් අද(21) විශේෂ ප්‍රකාශයක් කරමින් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සි ආයතනයේ සභාපති ආනන්ද ලාල් හෙට්ටිආරච්චි යන මහත්වරුන් අදහස් දැක්විය.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ,

“ඊශ්‍රායල් හා කොරියානු රටවල රැකියා සඳහා යොමුවන පුද්ගලයින්ගේ ගුවන් ටිකට්පත් විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් විදේශ රැකියා ඒජන්සි ආයතනය හරහා මිළදී ගෙන රැකියා අපේක්ෂිතයින්ට ලබාදීමේ ක්‍රමවේදයක් මෙතෙක් කලක් පැවතුනා. එහි මිළ අධික බවට ‘සභාපතිට කියන්න’ වැඩසටහනටත්, මට පෞද්ගලිකවත් පැමිණිලි රැසක් ලැබුණා. පසුගිය කාලය පුරාම ගුවන් ටිකට්පත් මිළදී ගැනීම ටෙන්ඩර් ක්‍රමවේදයට සිදුකරලා තිබුණේ. නමුත් එහි යම් අඩුපාඩු තිබෙන බව මට නිරීක්ෂණය කරන්න පුළුවන් වුණා. යම් තෝරාගත් කණ්ඩායමක් ඉලක්ක කරගෙන ඔවුනට පක්ෂපාතී අයුරින් මේ මිළදී ගැනීමේ ක්‍රියාවලිය සිදුකරලා තිබුණා. මාස් පතා ඒ තෝරාගත් අයගෙන් ගුවන් ටිකට්පත් මිළදී ගනිමින් මූල්‍ය අලාභයක් ටිකට්පත් මිළදී ගන්නාට සිදුකරලා තිබුණා. මේ සම්බන්ධව මම විදේශ රැකියා ඒජන්සි ආයතනයේ අලුතෙන් පත්වු සභාපතිවරයා සමග සාකච්ඡා කළාට පසු නවීන ක්‍රමවේදයන් අනුගමනය කරමින් ශ්‍රි ලංකන් එයාර් ලයින් ආයතනය මගින් ඍජුව ගුවන් ටිකට්පත් මිළදී අරගෙන විශාල වශයෙන් ගුවන් ටිකට්පතක මිළ අඩු කරගන්න හැකිවුණා. මේ අඩු කරගත්ත මුදල කෙලින්ම විගමණික ශ්‍රමිකයා අතට ලැබෙන්න සලස්වනවා.

සාමාන්‍යයෙන් මාසයකට ආසන්න කාලයකදී ගුවන් ටිකට්පත් 500ක් පමණ මිළදී ගෙන තියෙනවා. එක ටිකට් එකකින් රු.75000-90000 ක් වැඩියෙන් දිර්ඝ කාලයක සිට අයකරගෙන තිබෙන අතර ඒ අනුව මාසයකදි ගුවන් ටිකට් 500ක් මිළදී ගත් විට එය විශාල මුදලක් වෙනවා.

රට නව නායකත්වයක් යටතේ නව දිශානතියකට යොමුවන මේ අවස්ථාවේ විගමණික ශ්‍රමිකයාට ලබාදෙන සහන වැඩි කරන්න අපි කටයුතු කරනවා. නොවැම්බර් මාසය දක්වා පැරණි ක්‍රමවේදය ඔස්සේ ටිකට්පත් වෙන්කර ගෙන තිබෙනවා. ඒ නිසා දෙසැම්බර් මාසයේ සිට මේ නව මිළදී ගැනීමේ ක්‍රමවේදය අපි ක්‍රියාත්මක කරනවා. වඩා හොඳ ජනතාවාදී සේවාවන් සපයන ආයතන බවට විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සි ආයතනය පත්කිරීම අපේ අරමුණයි. විශාල සේවයක් මේ ආයතන මගින් ජනතාවට ලබාදෙන්න පුළුවන්. ඒ සේවාවන් හැකි උපරිම අයුරින් ඵලදායී අයුරින් ලබාදෙන්න අපි කටයුතු කරනවා. ” යනුවෙන් ප්‍රකාශ කළේය.

ශ්‍රි ලංකා විදේශ රැකියා ඒජන්සි ආයතනයේ සභාපති ආනන්ද ලාල් හෙට්ටිආරච්චි මහතා,

“ශ්‍රි ලාංකිකයින් විදේශ රැකියා සඳහා යොමුකරන එකම රාජ්‍ය ආයතනය ලෙස විදේශ රැකියා ඒජන්සි ආයතනයට ප්‍රධාන කාර්යයන් දෙකක් පැවරිලා තියෙනවා. පළමු එක ශ්‍රි ලාංකිකයින්ට විදේශ රැකියා සඳහා යොමුකිරීම. දෙවැන්න ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට ගුවන් ටිකට්පත් මිළදී ගැනීම. අපි දැනටමත් පුහුණු ශ්‍රමිකයින් විදේශ ගතකිරීමට අදාළ වැඩසටහන් ආරම්භ කරලා තියෙනවා. මිනිස්සු අවිධිමත් රැකියාවලට යවනවට වඩා වෘත්තිකයින් බිහිකරලා විශාල ශ්‍රම වෙළඳපොලක් ආරම්භ කිරීම අපේ අරමුණයි. අපි දැනටමත් මේ සම්බන්ධයෙන් අනෙකුත් රාජ්‍ය ආයතන සමග සාකච්ඡා කරලා වැඩකටයුතු ආරම්භ කළා.

ගුවන් ටිකට්පත් මිළදී ගැනීම සම්බන්ධයෙන් අපි රාජකාරි ආරම්භ කරන අවස්ථාවේදීම පැමිණිලි ආවා වෙළදපොලේ මිළට වඩා ඒජන්සි ආයතනය මිළදී ගන්නා ගුවන් ටිකට්පත් මිලෙන් වැඩියි කියලා. අපි ඒකටත් ක්‍රමවේදයක් හඳුන්වා දුන්නා ඊ-ටෙන්ඩර් ක්‍රමවේදය. ඒ මගින් සාම්ප්‍රදායික ටෙන්ඩර් පෙට්ටිය වෙනුවට ඊමේල් මගින් ටෙන්ඩර් ඉදිරිපත් කරන්න ක්‍රමයක් හඳුන්වා දීලා තරගකාරීත්වය වැඩිකළා. අපිට දැනටම හැකියාව ලැබිලා තියෙනවා ඊශ්‍රායලට රැකියාවට යොමුවන ශ්‍රමිකයින්ගේ ටිකට්පත රුපියල් ලක්ෂයක්- හැත්තෑ පන් දහසක් දක්වා අඩුකරන්න.

ඊට අමතරව දෙසැම්බර් මාසයේ සිට දකුණු කොරියානු රැකියා සඳහා යොමුවන ශ්‍රමිකයින්ගේ ගුවන් ටිකට්පතද දැනට පවතින මුදලට වඩා අවම මුදලකට මිළදී ගෙන දෙන්න පුළුවන් වෙනවා. පසුගිය ඔක්තොම්බර් 10 සිට නොවැම්බර් මස 02 වන සතිය දක්වා රු.295,000 ක පමණ මුදලකට මිළදී ගත් ගුවන් ටිකට්පත් රු.160,000-170,000 ක් වගේ මුදලකට තරගකාරී වෙළඳපොල මගින් මිළදී ගන්න පුළුවන්. මේ සම්පූර්ණ වාසිය විදෙස්ගත ශ්‍රමිකයින්ට ලබාදෙන්න අපි කටයුතු කරනවා.” යනුවෙන් ප්‍රකාශ කළේය.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleශ්‍රී ලංකාව හා සිංගප්පූරුව අතර නව ගුවන් සේවාවක්
Next Article ඩුබායි බස් ජාලය පුළුල් කිරීමට ප්‍රවාහන අධිකාරියෙන් නව ව්‍යාපෘතියක්
kumudika

Related Posts

ශ්‍රී ලංකාවේ පවුල් 22% ක් ණය අර්බුදයේ

May 19, 2025

ඩුබායි මහ නගර සභාව ඩුබායි ක්‍රීක් හි Deira Wharf සංවර්ධනය සම්පූර්ණ කරයි

May 19, 2025

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.