පවතින අයහපත් කාලගුණය සලකා අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ඉදිරි දින තුන තුල නොපැවැත්වීමට තීරණය කර තිබේ.
විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසුවේ ඒ අනුව ඉදිරි 27,28,29 යන දිනවලදී පැවැත්විමට නියමිතව තිබූ විභාගයන් නොපැවැත්වීමට තීරණය කර ඇති බවය.
ඒ වෙනුවට දෙසැම්බර් 21,22,23 යන දිනවල එම විභාගය යලි පැවැත්වීමට කටයුතු කරන බවත් හෙතෙම පවසයි.
උසස් පෙළ විභාගය නොවැම්බර් 30 වනදා සිට යලි ආරම්භ කරන බවත් කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා පැවසීය.