පවතින අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ගංගා රැසක් පිටාර ගලමින් ඇතිබව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
කැලනි ගඟ ,නිල්වලා ගඟ ,හැඩ ඔය,මාදුරු ඔය,මහ වැලි ගඟ සහ යාන් ඔයේ ජලමට්ටම් පිටාර මට්ටමට පැමිණ තිබේ.
ඒ අනුව කැලනි ගඟ නෝවුඩ් ප්රදේශයෙන් අවදානම් මට්ටමේ පවතින බව වාර්තා වේ.
නිල්වලා ගඟ තවදුරටත් තල්ගහගොඩ ප්රදේශයෙන් සුළු ගංවතුර මට්ටමේ පවතින අතර පානදුගම ප්රදේශයෙන් අවදානම් මට්ටමේ පවති.
හැඩ ඔය සියඹලාණ්ඩුව ප්රදේශයෙන් අවදානම් මට්ටම ඉක්මවා සුළු ගංවතුර මට්ටමට ආසන්න වෙමින් තිබේ.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියේ මාදුරු ඔය පදියතලාව ප්රදේශයෙන් මහා ගංවතුර මට්ටම ඉක්මවා ගොස් ඇති බවය.
මහ වැලි ගඟ මේ වනවිට මනම්පිටිය ප්රදේශයෙන් සුළු ගංවතුර මට්ටම ඉක්මවා ගොස් තිබේ.
පේරාදෙණිය ප්රදේශයෙන් මහ වැලි ගඟ සුළු ගංවතුර මට්ටමට ආසන්න වෙමින් ඇතිබව එම දෙපාර්තමේන්තුව පවසයි.
යාන් ඔය මේ වනවිට හොරොව්පතාන ප්රදේශයෙන් සුලු ගංවතුර මට්ටමට ආසන්න වෙමින් ඇතිබව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
තවදුරටත් ලැබෙන වැසි සමඟ ගංගා ජලමට්ටම් ඉහළ යමින් ඇතිබව වැඩිදුරටත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.