Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

එළවළු ආනයනය කිරීමටත්  මිලියන ගණනක් වැය වෙයි

June 8, 2025

ජනාධිපති සමාව අනීතික ලෙස භාවිත කරමින් සිරකරුවන් නිදහස් කර ඇති බව හෙළි වේ

June 8, 2025

ජාත්‍යන්තර සාගර දිනය අදයි

June 8, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, June 8
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»පොලිස් නිල වෙබ් පිටුව අලුත් වෙයි
Sri Lankan news

පොලිස් නිල වෙබ් පිටුව අලුත් වෙයි

kumudikaBy kumudikaNovember 28, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

මෙතෙක් කල් පැවැති පරිශීලනය කල ශ්‍රී ලංකා පොලිස් නිල වෙබ් පිටුව යලි දක්නට නොලැබෙන බවත් නව මුහුණතක් සමඟ නිර්මාණය කල නව වෙබ් පිටුව ඔබට www.police.lk ලිපිනයට පිවිසීමෙන් පරිශීලනය කළ හැකි බවත් ශ්‍රී ලංකා පොලිසිය සදහන් කරයි.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් නිර්මාණය කල ශ්‍රී ලංකා පොලිසියේ තොරතුරු, විශේෂ අවස්ථා, පුවත්, ඡායාරූප, වීඩියෝවන් ඇතුලු විශේෂාංග රැසක අන්තර්ගතයක් සමඟ නිරන්තරයෙන් යාවත්කාලීන කිරීමට නියමිත මෙම නව වෙබ් පිටුව පොලිස් තොරතුරු තාක්ෂණ කොට්ඨාසයේ නිර්මාණයකි.

එසේම සුපුරුදු පරිදි පොලිස් නිශ්කාෂණ වාර්තා සඳහා අයදුම් කිරීම, මාර්ගගත ක්‍රමය ඔස්සේ පැමිණිලි ඉදිරිපත් කිරීමට මෙම නව වෙබ් පිටුව හරහාද අවස්ථාව ලබාදී ඇති අතර ඉදිරියේදී ඔබේ පහසුව උදෙසා පොලිස් තොරතුරු තාක්ෂණ කොට්ඨාසය විසින් සකසන ලද තවත් තාක්ෂණික අංග රැසක් මෙම නව වෙබ් පිටුව තුල ඇතුලත් කිරීමට නියමිතය.

වෙබ් පිටුව නිල වශයෙන් හදුනාවාදීමේ අවස්ථාව ඊයේ(27) සවස බත්තරමුල්ල සුහුරුපාය ගොඩනැගිල්ලේ පිහිටි මහජන ආරක්ෂක අමාත්‍යංශයේදී මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ ප්‍රදානත්වයෙන්, මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මහතාගේ සහ වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය, පොලිස් මාධ්‍ය ප්‍රකාශක හා අපරාධ දිසාව නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව, පොලිස් තොරතුරු තාක්ෂණ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අශෝක ධර්මසේන, පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ වැඩබලන අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී මිනුර සෙනරත් යන ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වුනි.

Colombo Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleසංචාරක ආදායම 59% කින් ඉහලට
Next Article එමීර් රාජ්‍යය ඩිරාම් මිලියන 100 ක විශාල ත්‍යාගයක් සහිත පළමු නියාමනය කල ලොතරැයිය දියත් කරයි
kumudika

Related Posts

එළවළු ආනයනය කිරීමටත්  මිලියන ගණනක් වැය වෙයි

June 8, 2025

ජනාධිපති සමාව අනීතික ලෙස භාවිත කරමින් සිරකරුවන් නිදහස් කර ඇති බව හෙළි වේ

June 8, 2025

ජාත්‍යන්තර සාගර දිනය අදයි

June 8, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.