Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

Emaar Properties ලොව උසම Metro Blue Line  දුම්රිය ස්ථානය ඉදි කිරීමට සැරසෙයි

June 12, 2025

ජූලි 1 වන දින සිට එමීර් රාජ්‍යයේ පදිංචිකරුවන්ට වීසා නොමැතිව ආර්මේනියාවට ගමන් කිරීමට අවස්ථාව

June 12, 2025

අලුත් ඩයිනෝසර විශේෂයක් සොයා ගැනේ

June 12, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Friday, June 13
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»නගර 12 ක වායුගෝලය අපිරිසිදුයි – මුඛ ආවරණ පළඳින්න
Sri Lankan news

නගර 12 ක වායුගෝලය අපිරිසිදුයි – මුඛ ආවරණ පළඳින්න

kumudikaBy kumudikaDecember 1, 2024No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

පවතින කාලගුණික තත්ත්වය ප්‍රදේශ කිහිපයක වාතයේ ගුණාත්මක භාවය තරමක් අහිතකර මට්ටම් කරා ළඟා වීමට හේතු වී ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අනතුරු අඟවයි.

ඊ​යේ (30) රාත්‍රි 9.00 පමණ වනවිට දිවයින වටා නගර සහ ප්‍රදේශ 12ක පමණ වායු ගුණත්ව තත්ත්වය සෞඛ්‍යයට අහිතකර මට්ටමට පැමිණ තිබුණි.

ඒ රත්නපුර, කිලිනොච්චිය, ගම්පහ, ත්‍රිකුණාමලය, අම්බලන්ගොඩ, දඹුල්ල, ගාල්ල, මීගමුව, පුත්තලම, මහියංගනය, කුරුණෑගල හා කලාවැව යන ප්‍රදේශවලය.

වායු ගුණ තත්ත්ව දර්ශකය හෙවත් SL AQI හි අගය 0ත් 50ත් අතර යනු යහපත් මට්ටම වන අතර, එය 51 -100 අතර මධ්‍යස්ථ මට්ටමක් වේ.

නමුත් අගය 101ත් – 150ත් අතර සුළු වශයෙන් අහිතකර වන අතර එම අගය 151 – 200 දක්වා අහිතකර මට්ටමක් ලෙසින් සැලකේ.

මෙවැනි පසුබිමක ඊයේ මෙන්ම අද දිනයේත් මෙරට ප්‍රධාන නගර රැසකම වායු ගුණ තත්ත්වයේ අගය 101 ඉක්මවා ගොස් තිබුණි.

කොළඹ නගරයේ වායු ගුණ තත්ත්වයේ අගය ඊයේ 104ක් වූ අතර එය අද 108ත් – 116ත් අතර අගයක් දක්වා ඉහළ ගොස් තිබුණි.

මීට අමතරව කළුතර නගරයේ ද වායු ගුණ තත්ත්වය අගය අද 98ත් 104 අතර පැවතුණි.

එමෙන්ම මහනුවර වායු ගුණ තත්ත්වය 106ත් – 114ත් මට්ටමේත් , අනුරාධපුර නගරයේ වායු ගුණ තත්ත්වය 100ත් – 118ත් අතර පැවති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසීය.

යාපනය නගරයේ වායු ගුණ තත්ත්වයේ අගයත් ඊ​යේ 120ට ආසන්න වී තිබුණි.

පවතින මෙම තත්ත්වය යටතේ සංවේදී පුද්ගලයින්ට හුස්ම ගැනීමේ අපහසුතා ඇති වුවහොත් ඔවුන් වෛද්‍ය උපදෙස් සඳහා යොමු විය බව සෞ​ඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටී.

එම තත්ත්වය ඉදිරි දින කිහිපයේදී සම්පූර්ණයෙන්ම පහව යනු ඇතිබව ​ද පැවසීය. වායු ගෝලයේ ගුණාත්මක භාවය අඩු ප්‍රදේශ වල ජනතාවට මුව ආවරණ පළඳින ලෙස දැනුම් දෙන බව වැඩිදුරටත් පැවසීය.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleජාතික දින නිමිත්තෙන් එමිරේට්ස් 4 ක 50% රථවාහන දඩ වට්ටමක් ප්‍රකාශ කරයි
Next Article RTA විසින් තාවකාලික බස් මාර්ග වෙනස් කිරීම් සහ නව සේවා පිළිබඳ  නිවේදනය කරයි
kumudika

Related Posts

Emaar Properties ලොව උසම Metro Blue Line  දුම්රිය ස්ථානය ඉදි කිරීමට සැරසෙයි

June 12, 2025

ජූලි 1 වන දින සිට එමීර් රාජ්‍යයේ පදිංචිකරුවන්ට වීසා නොමැතිව ආර්මේනියාවට ගමන් කිරීමට අවස්ථාව

June 12, 2025

අලුත් ඩයිනෝසර විශේෂයක් සොයා ගැනේ

June 12, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.