යෝජිත ගාල්ල වරාය සංවර්ධන ව්‍යාපෘතිය යටතේ සිදුකරන මුහුදු ගොඩකිරීම් පිළිබඳ පරිපූරක පාරිසරික බලපෑම් ඇගයීමේ වාර්තාව සම්බන්ධයෙන් මහජන අදහස් විමසීම ආරම්භ කර බව වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
ඒ සඳහා මාසයක කාලයක් ලබාදී තිබේ.
වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියෙන් එම වාර්තාව ලබාගත හැකිය.
මධ්‍යම පරිසර අධිකාරිය, වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව,ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන් ද එම වාර්තාව ලබාගත හැකිය.
ගාල්ල කඩවස් සතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය,ගාල්ල මහ නගර සභාව,ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු ගාල්ල දිස්ත්‍රික් කාර්යාලය සහ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ උණවටුන කාර්යාලයේ ද එම වාර්තාව ප්‍රදර්ශනය කිරීම සිදු වේ.
ඒ සම්බන්ධයෙන් වන අදහස් ලිඛිතව ඉදිරිපත් කරන ලෙස ජනතාවට දැනුම් දෙන බව වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව කියා සිටියි.