Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

Clean Sri Lanka ඉන්ධන පිරවුම්හල් දියුණු කිරීමට  සැරසෙයි

May 15, 2025

ඇමරිකානු ජනාධිපති සමඟ සෞදි අරාබිය විශාලතම අවි ගණුදෙනුවක

May 15, 2025

ඩුබායි මෙට්‍රෝ සහ ට්‍රෑම් රථ ස්ථාන පිරිසිදු කිරීමට ඩ්‍රෝන යානා

May 14, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Thursday, May 15
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Weather»බෙංගාල බොක්ක නැවතත් කැළඹෙයි – ශ්‍රි ලංකාවට අවදානම් කාලගුණය ‍යළිත්
Weather

බෙංගාල බොක්ක නැවතත් කැළඹෙයි – ශ්‍රි ලංකාවට අවදානම් කාලගුණය ‍යළිත්

kumudikaBy kumudikaDecember 16, 2024No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ගිණිකොනදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව ඉදිරි පැය 24 තුළ අඩු පීඩන කලාපයක් නිර්මාණය වීමේ හැකියාවක් පවතින අතර එම පද්ධතිය තවදුරටත් සෙමින් වර්ධනය වෙමින් බටහිරට බරව වයඹ දෙසට ගමන් කරනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. .

ඉන් පසුව එළඹෙන දින දෙක තුළදී, එය දිවයිනේ උතුරුට ආසන්නව තමිල්නාඩු වෙරළ දෙසට ගමන් කිරීමේ හැකියාවක් පවතී.

මෙම පද්ධතිය සම්බන්ධව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන ඉදිරි අනාවැකි සහ නිවේදන පිළිබඳව, විශේෂයෙන්ම දිවයිනේ නැගෙනහිර සහ උතුරු පළාත්වල වෙසෙන මහජනතාව අවධානයෙන් පසුවන ලෙස ඉල්ලා තිබේ.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වළාකුලින් බරව පවතිනු ඇත.
උතුරු, නැගෙනහිර, උතුරු-මැද, ඌව සහ වයඹ පළාත්වලත් මාතලේසහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

උතුරු, නැගෙනහිර, උතුරු-මැද සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 පමණ තද වැසි ඇතිවිය හැක.

බස්නාහිර වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් වැසි ස්වල්පයක් ඇති වීමට ඉඩ ඇත.
උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් මාතලේ සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40 ක පමණතරමක තද සුළං ඇතිවිය හැකිය.

මධ්‍යම, සබරගමුව සහ දකුණු පළාත්වල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleලෝක ප්‍රකට තබ්ලා වාදක සකීර් හුසේන් දිවියට සමු දෙයි
Next Article බදු මුදල් 26 වනදාට පෙර ගෙවන්න – යළි දඩ සහන නෑ
kumudika

Related Posts

Clean Sri Lanka ඉන්ධන පිරවුම්හල් දියුණු කිරීමට  සැරසෙයි

May 15, 2025

ඇමරිකානු ජනාධිපති සමඟ සෞදි අරාබිය විශාලතම අවි ගණුදෙනුවක

May 15, 2025

ඩුබායි මෙට්‍රෝ සහ ට්‍රෑම් රථ ස්ථාන පිරිසිදු කිරීමට ඩ්‍රෝන යානා

May 14, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.