ඩුබායි මෙට්‍රෝ සහ ට්රෑම් රථ ස්ථාන පිරිසිදු කිරීම සඳහා ඩ්‍රෝන යානා යොදා ගැනීමට ඩුබායි මාර්ග හා ප්‍රවාහන අධිකාරිය පියවර ගෙන තිබේ.
ආරක්ෂාව වැඩි දියුණු කිරීම, සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගැනීම සහ පාරිසරික ඉලක්ක සඳහා සහාය වීමේ සැලසුම්වල කොටසක් ලෙස ඩ්‍රෝන යානා මගින් පොදු ප්‍රවාහන ස්ථාන පිරිසිදු කරනු ඇත. මුලින් අත්හදා බැලීමේ පදනමක් මත හඳුන්වා දුන් ඩ්‍රෝන් තාක්ෂණය උසින් හෝ ප්‍රවේශ වීමට අපහසු ප්‍රදේශවල වැඩ කිරීම හා සම්බන්ධ අවදානම් අඩු කිරීමට සමත් වේ.
ඩ්‍රෝන් තාක්ෂණය ඔස්සේ පිරිසිදු කිරීමේ මෙහෙයුම් සිදුවෙමින් පවතින විට සෑම ස්ථානයකම අවශ්‍ය වන සේවක පිරිස් අඩු වන අතර දැනට, ඩුබායි මෙට්‍රෝ සහ ට්රෑම් රථ ස්ථාන පිරිසිදුව තබා ගැනීමට පුද්ගලයින් 15 දෙනෙකු අවශ්‍ය බව සඳහන් ය.
මෙම නව පියවර හරහා කුඩා ඩ්‍රෝන යානා මඟින් අට දෙනෙකුගෙන් යුත් කුඩා කණ්ඩායමකට දුම්රිය ස්ථානයක් හැසිරවිය හැකිය.