Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025

විරාත් කෝලී පූමා සන්නාමය තවදුරටත් ජනප්‍රිය කිරීම අත් හරියි – රුපියල් කෝටි 1050 ක මුදල ප්‍රතික්ෂේප කරයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»sri Lankan special»චීනයේ ඉහළම සම්මානයෙන් ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙක් පිදුම් ලබයි
sri Lankan special

චීනයේ ඉහළම සම්මානයෙන් ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙක් පිදුම් ලබයි

kumudikaBy kumudikaDecember 18, 2024No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

චීනයේ චුජිං ගුරු විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සමන්ත කරුණාරත්න සහ යුන්නාන් විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ කථිකාචාර්ය සුගත් රත්නායක යන මහත්වරුන් යුන්නාන් මිත්‍රත්ව සම්මානයෙන් පිදුම් ලැබීය.

මෙම සම්මානයෙන් ශ්‍රී ලාංකිකයෙකු පිදුම් ලැබූ පළමු අවස්ථාව මෙය වන අතර මෙවර ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු යුන්නාන් මිත්‍රත්ව සම්මානය හිමිකර ගැනීම විශේෂත්වයකි.

මෙය යුන්නාන් පළාත් රජය විසින් යුන්නාන් පළාතේ සංවර්ධනයට අනගිභවනීය දායකත්වයක් ලබාදුන් විදේශීය විශේෂඥයින් ඇගයීමේ සම්මානයකි.

විද්‍යා හා තාක්ෂණ, අධ්‍යාපනය, සෞඛ්‍ය, ප්‍රවෘත්ති, ප්‍රකාශන, සංස්කෘතිය, කලාව සහ ක්‍රීඩා යන ක්ෂේත්‍රවල උසස් සංකල්ප, උසස් තාක්ෂණයන් සහ නවතම ජයග්‍රහණ හඳුන්වා දීම සඳහා කැපී පෙනෙන දායකත්වයක් ලබා දුන් විදේශ විශේෂඥයින් මෙහිදී ඇගයීමට ලක් කෙරේ.

යුන්නාන් මිත්‍රත්ව සම්මානයේ ජයග්‍රාහකයින් සඳහා පදක්කම්, සහතික සහ එක් වරක් පමණක් පිරිනැමෙන ප්‍රසාද දීමනාවක් ප්‍රදානය කෙරෙන අතර මෙම ශ්‍රී ලාංකිකයින් දෙදෙනා සමග තවත්විදේශීය විශේෂඥයින් 8 දෙනෙකුට මෙම සම්මානය පිරිනමා ඇත.

මහාචාර්ය සමන්ත කරුණාරත්න මහතා චීනයේ Qujing Normal විශ්වවිද්‍යාලයේ සේවය කරන අතර මීට පෙර ඔහු චීන විද්‍යා ඇකඩමියේ කුන්මින් උද්භිද විද්‍යා ආයතනයේ පශ්චාත් ආචාර්ය උපාධි පර්යේෂකයෙකු විය. ඔහු මේ දක්වා H-index44 සහ උපුටා දැක්වීම් 12,750 කින් යුත් SCI ප්‍රකාශන 250ක් පමණ ප්‍රකාශයට පත්කර ඇති අතර පොත් හතරක සම-කර්තෘ ලෙස කටයුතු කර ඇත. Stanford විශ්වවිද්‍යාලයේශ්‍රේණිගතකිරීම්වලටඅනුව, මහාචාර්ය කරුණාරත්න 2022, 2023 සහ 2024 වසරවලදී ලොව ඉහළම 2% විද්‍යාඥයන් අතරින් කෙනෙකු ලෙස පිළිගැනිණි. ඔහුගේ පර්යේෂණ ක්ෂේත්‍ර වන්නේ taxonomy, phylogeny, සහ domestication of mushrooms යන ක්ෂේත්‍රයි.

සුගත් රත්නායක මහතා යුන්නාන් විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ ආරම්භක විදේශීය කථිකාචාර්යවරයා වන අතර ඔහු ඊට පෙර බෙයිජිංහි චීන ජාත්‍යන්තර ගුවන් විදුලියේ සිංහල සේවයේ විදේශීය විශේෂඥයෙකු ලෙස කටයුතු කළේය. ඔහු යුන්නාන් විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශය පිහිටුවීම සහ එහි සංවර්ධනය උදෙසා විශිෂ්ට සේවාවක් ඉටු කළ අයෙකි. සිංහල පොත් 1000ක පරිත්‍යාගයකින් “ශ්‍රී ලංකා- චීන මිත්‍රත්ව පුස්තකාලය” පිහිටුවීමට මුලිකත්වය ගැනීම ඒ අතර ප්‍රධාන වේ.

1997දී පිහිටුවන ලද මෙම සම්මානය, “Caiyun සම්මානය” ලෙසද හැඳින්වෙන අතර චීනයේ යුන්නාන් පළාත සඳහා විශිෂ්ට දායකත්වයක් ලබාදුන් විදේශීය විශේෂඥයින් සඳහා පළාත් රජය පිරිනමනු ලබන ඉහළම සම්මානය මෙයයි.

Featured Sri Lanka World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleවාහන ආනයනය ලබන වසරේ පෙබරවාරි මුල සිට
Next Article මේ වසරේ ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් ලක්ෂ 19 පසු කරයි
kumudika

Related Posts

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025

විරාත් කෝලී පූමා සන්නාමය තවදුරටත් ජනප්‍රිය කිරීම අත් හරියි – රුපියල් කෝටි 1050 ක මුදල ප්‍රතික්ෂේප කරයි

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.