Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

Emaar Properties ලොව උසම Metro Blue Line  දුම්රිය ස්ථානය ඉදි කිරීමට සැරසෙයි

June 12, 2025

ජූලි 1 වන දින සිට එමීර් රාජ්‍යයේ පදිංචිකරුවන්ට වීසා නොමැතිව ආර්මේනියාවට ගමන් කිරීමට අවස්ථාව

June 12, 2025

අලුත් ඩයිනෝසර විශේෂයක් සොයා ගැනේ

June 12, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Thursday, June 12
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Visit Sri Lanka»මේ වසරේ ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් ලක්ෂ 19 පසු කරයි
Visit Sri Lanka

මේ වසරේ ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් ලක්ෂ 19 පසු කරයි

kumudikaBy kumudikaDecember 19, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

කලාපීය සහ අන්තර්ජාතික වශයෙන් සංචාරක ආකර්ෂණයක් දිනා සිටින ශ්‍රී ලංකාවට මේ වසරේ මෙතෙක් ගෙවී ගිය කාලය තුළ ලක්ෂ 19කට වැඩි විදෙස් සංචාරක පිරිසක් පැමිණ තිබේ. ඒ අනුව මේ වසරේ ජනවාරි 1 දා සිට මේ මස 15 දා තෙක් විදෙස් සංචාරකයන් 1,901,988ක් පැමිණ තිබෙන අතර, එය පසුගිය වර්ෂයට සාපේක්ෂව කැපීපෙනෙන වර්ධනයක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පෙන්වා දෙයි.

පසුගිය 2023දී විදෙස් සංචාරකයන් 1,487,303 දෙනකු ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන අතර, ඊට පෙර වැඩිම සංචාරක පිරිසක් මෙරටට පැමිණ ඇත්තේ 2018දී බවද එම සංඛ්‍යාව 2,333,796ක් බවද එම අධිකාරිය නිකුත් කළ නවතම වාර්තාවක් සඳහන් කරයි. මේ මස මුල් දින 15ක කාලයේදී පමණක් 97,115 දෙනකු මෙරටට පැමිණ තිබෙන අතර, ඒ අතුරින් 21,174ක වැඩිම සංචාරක පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙනි. ඊට අමතරව රුසියාවෙන් 13,762ක්ද, එක්සත් රාජධානියෙන් 7,417ක් සහ ජර්මනියෙන් 6,574ක් ලෙස මෙරටට පැමිණ තිබෙන අතර, ඔස්ට්‍රේලියාවෙන් පැමිණි සංඛ්‍යාව 5,198කි. මේ අතර එම දින 15ක කාලයේදී චීනයෙන් 5,598ක්, එක්සත් ජනපදයෙන් 2,922ක් පෝලන්තයෙන් 2,798ක් ප්‍රංශයෙන් 2,243ක් බංග්ලාදේශයෙන් 2,120ක් ලෙස විදෙස් සංචාරක පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

මේ වසරේ සෑම මසකම ලක්ෂයට වැඩි සංචාරක පිරිසක් මෙරටට පැමිණ තිබෙන අතර, වැඩිම සංචාරක පිරිසක් මේ වසරේ පෙබරවාරි මාසයේදී මෙරටට පැමිණ ඇත. එම සංඛ්‍යාව 218,350කි.

Featured Sri Lanka World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleචීනයේ ඉහළම සම්මානයෙන් ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙක් පිදුම් ලබයි
Next Article උපයන විට ගෙවීමේ බද්දෙහි වෙනසක්
kumudika

Related Posts

Emaar Properties ලොව උසම Metro Blue Line  දුම්රිය ස්ථානය ඉදි කිරීමට සැරසෙයි

June 12, 2025

ජූලි 1 වන දින සිට එමීර් රාජ්‍යයේ පදිංචිකරුවන්ට වීසා නොමැතිව ආර්මේනියාවට ගමන් කිරීමට අවස්ථාව

June 12, 2025

අලුත් ඩයිනෝසර විශේෂයක් සොයා ගැනේ

June 12, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.