අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට එහා ගිය පුළුල් පරිවර්තනයක් ජනතාව ඉල්ලා සිටින බවත්, පාසල් අතර පවතින පරතරය නැති කළ යුතු අතර පෞද්ගලික උපාධි ආයතන නියාමනය සඳහා ක්‍රමවත් වැඩපිළිවෙලක් අවශ්‍ය බවත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන, වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසීය.
අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයට අනුබද්ධ ආයතන වන ආසියානු ගුරු සංවර්ධන මධ්‍යස්ථානය, ජාතික අධ්‍යාපන කොමිසම, රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන අංශය යන ආයතනවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමග පැවති සාකච්ඡාවන් හිදී අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.
මෙහිදී පාසල් අතර පරතරය නැතිකිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරිය රැකියාවකට එහා ගිය ජාතික වගකීමක් ලෙස සලකා කටයුතු කරන ලෙසද නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියා ය.
කන්නන්ගර අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සමග සිදු වූ අධ්‍යාපන විප්ලවයට එහා ගිය පුළුල් අධ්‍යාපන පරිවර්තනයක් අවශ්‍ය බවත්, එය ඉටු කිරීමට වත්මන් රජය බැදී සිටින බවත් අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළාය.