Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

Yas Island හි SeaWorld වෙතින් විනෝදජනක නිවාඩුවක් ගත කරන්න අවස්ථාව

June 14, 2025

ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් ගුවන් ගමන් අවලංගු කිරීම් පිළිබඳ නිවේදනයක්

June 14, 2025

Dubai Fountain  ප්‍රතිසංස්කරණ අඛණ්ඩව සිදු කෙරේ

June 14, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Saturday, June 14
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»ත්‍රස්තවාදය වැළක්වීමේ පනත වහාම අහෝසි කිරීමට රජයෙන් පියවර
Sri Lankan news

ත්‍රස්තවාදය වැළක්වීමේ පනත වහාම අහෝසි කිරීමට රජයෙන් පියවර

adminBy adminApril 20, 2025No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකා අපනයන සඳහා ලබා දී ඇති GSP+ බදු සහනය දීර්ඝ කර ගැනීමේ අරමුණින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත කඩිනමින් අහෝසි කිරීමට රජය පියවර ගෙන තිබේ.

මෙම බදු සහනය ලබා දීම පිළිබඳව සමාලෝචනය කිරීමට ලබන මැයි මස යුරෝපා සංගමයේ කණ්ඩායමක් මෙරටට පැමිණීමට නියමිත අතර ඔවුන් මේ සඳහා ලබා දී ඇති ප්‍රධාන පෙළේ කොන්දේසියක් ලෙස සඳහන් වන්නේ, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනයට ලක් කිරීම හෝ අහෝසි කිරීමය.

එහිදී ශ්‍රී ලංකාව පාර්ශ්වයෙන් අපනයන විවිධාංගීකරණය GSP + සහනය ලබා ගැනීම පිළිබඳ ඔවුන් සමග සාකච්ඡා කිරීමට නියමිත බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු පැවසීය.

නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, රටේ ත්‍රස්තවාදී ක්‍රියාවක් හෝ යම් ගැටලුවක් ඇති නොවී මානව අයිතිවාසිකම් ආරක්ෂා වීම දිවයින තුළ සිදුවිය යුතු බවට වන රජයේ පිළිගැනීම යුරෝපා සංගමය ද බලාපොරොත්තුවෙන් සිටින අතර එවැනි තත්ත්වයක් රට තුළ ස්ථාපිත කළහොත් gsp + සහනය අපට ඉදිරියට ම පවත්වාගෙන යෑමට එම සංගමයේ සහාය හිමි වන බව ය.

මෙම සියලු කරුණු සැලකිල්ලට ගනිමින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත රජය විසින් කඩනමින් අහෝසි කරනු ලැබීමට නියමිතව තිබේ.

විශේෂයෙන් ම පසුගිය රජයන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ජනතාව මර්දනය කරමින් සිය දේශපාලන වුවමනාවන් ඉටුකර ගැනීමට මෙම පනත භාවිත කිරීම යුරෝපා සංගමයේ දැඩි අප්‍රසාදයට හේතු වී තිබේ.

ඒ අනුව, මෙම පනත පිළිබඳව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාරගෙන් විමසූ විට ඔහු ප්‍රකාශ කළේ, මෙම පනත කඩිනමින් අහෝසි කිරීමට රජය කටයුතු කිරීමට සූදානමින් සිටින බව ය.

අධිකරණ අමාත්‍යවරයා පැවසුවේ, මෙම පනත පිළිබඳ මහජන අදහස් සිවිල් සංවිධාන ඇතුළු සංවිධාන රැසකගේ අදහස් මේ වන විටත් විශාල ප්‍රමාණයක් ලබාගෙන ඇති අතර ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත පිළිබඳව නැවත මුල සිට සමීක්ෂණය කළ යුතු නැති බැවින් එය කඩිනමින් අහෝසි කිරීමට සූදානම් බව ය.

ඒ අනුව, එම පනත අහෝසි කිරීමට පෙර මෙරට මානව හිමිකම් ආරක්ෂා වීම ගෝලීය ත්‍රස්තවාදය වැළැක්වීමට මුහුණ දීම, නීතියේ විධානය ආධිපත්‍යය සුරැකීම වෙනුවෙන් නීතිමය රාමුවක් සැකසීම අවශ්‍ය බව ත් එය ද කඩිනමින් සිදුකරන බව ත් අමාත්‍යවරයා වැඩිදුර ත් පෙන්වා දුන්නේ ය.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleජුමෙයිරා වීදිය හා අල් මිනා වීදිය සම්බන්ධ කරමින් Infinity පාලම දෙසට තවත් පාලමක් විවෘත කරයි
Next Article පුටින්ගෙන් පාස්කු සටන් විරාමයක්
admin
  • Website

Related Posts

Yas Island හි SeaWorld වෙතින් විනෝදජනක නිවාඩුවක් ගත කරන්න අවස්ථාව

June 14, 2025

ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් ගුවන් ගමන් අවලංගු කිරීම් පිළිබඳ නිවේදනයක්

June 14, 2025

Dubai Fountain  ප්‍රතිසංස්කරණ අඛණ්ඩව සිදු කෙරේ

June 14, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.