Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති 20 ක් ආරම්භ කිරීමට ජනපති සූදානම්

June 15, 2025

කිසිම බද්දක් අඩු කරන්න එපා – IMF කියයි

June 15, 2025

ලංකාවේ ණය බර තවදුරටත් ඉහලට

June 15, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, June 15
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»උත්සව සමයේ මහජන ආරක්ෂාවට පොලීසියෙන් 40,000 ක්
Sri Lankan news

උත්සව සමයේ මහජන ආරක්ෂාවට පොලීසියෙන් 40,000 ක්

kumudikaBy kumudikaDecember 22, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

එළැඹෙන නත්තල් හා අලුත් අවුරුදු උදාවත සමග මහජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසිය විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් සූදානම් කර ඇත. දිවයින පුරා පොලිස් නිලධාරීන් 40,000 කට අධික පිරිසක් ආරක්ෂාව සඳහා යොදවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා මාධ්‍ය හමුවකදී පැවැසීය.

බස්නාහිර පළාතේ පමණක් ඒ වෙනුවෙන් පොලිස් නිලධාරීන් 6,500කට අධික පිරිසක් යොදා ඇතැයි ද හෙතෙම කියා සිටියේය.

මේ අතර දිවයින පුරා දේවස්ථාන, වෙළෙඳසල් ඇතුළු තදබදයන් පවතින පොදු ස්ථාන ආවරණය වන පරිදි පොලිස් නිලධාරීන් 40,000කට අධික පිරිසක් යෙදවීමට නියමිතය.
මේ අතර ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ආගමික ස්ථාන හා කඩසාප්පු ආශ්‍රිතව සිටින සොරුන් සහ අපරාධකරුවන් හඳුනා ගැනීම සඳහා සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් 500කට අධික පිරිසක් සේවයට යෙදවීමට බලාපොරොත්තු වන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන්ය.

එමෙන්ම කතෝලික දේවස්ථාන ඇතුළු ආගමික ස්ථානවල ආරක්ෂාව වෙනුවෙන් දිවයින පුරා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

“මේ සියලු දේ ඔබ වෙනුවෙන් සිදුකිරීමට ඔබගේ සහාය අවශ්‍යයි. ඔබ අසල සිටින නන්නාඳුනන පුද්ගලයින් වගේම සැකකටයුතු පුද්ගලයින් සම්බන්ධයෙන් ළඟම තියෙන පොලිසියට දැනුම් දෙන්න. ඔබගේ දේපළ, මුදල් ගැන නිරතුරුව සුපරික්ෂාකාරී වෙන්න” යැයි ද හෙතෙම කීවේය.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු පොලිය 5% කින් ඉහලට
Next Article එමීර් රාජ්‍යයට සහ සෞදි අරාබියට ශීත කාලය උදා වෙයි
kumudika

Related Posts

ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති 20 ක් ආරම්භ කිරීමට ජනපති සූදානම්

June 15, 2025

කිසිම බද්දක් අඩු කරන්න එපා – IMF කියයි

June 15, 2025

ලංකාවේ ණය බර තවදුරටත් ඉහලට

June 15, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.