Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඊශ්‍රායල් රැකියා සඳහා ලාංකිකයන් පිටත් කිරීම තාවකාලිකව අත්හිටුවයි

June 16, 2025

2024 දී සාජා පොලීසිය රථවාහන මරණ 24% කින් අඩු කරයි

June 16, 2025

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් “Tele Medicine” තාක්ෂණය නමින් විශේෂඥ වෛද්‍ය සේවා ලබා ගැනීමේ පහසුකමක්

June 16, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Tuesday, June 17
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»ශ්‍රී ලංකා පොලීසියට කැමරා ජැකට්
Sri Lankan news

ශ්‍රී ලංකා පොලීසියට කැමරා ජැකට්

kumudikaBy kumudikaDecember 23, 2024No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

රථවාහන අංශයේ සේවයේ නිරතව සිටින පොලිස් නිලධාරීන්ට ලබන වසරේ සිට මහමඟ රාජකාරියේ නිරතව සිටියදී පැලඳ සිටීමට සිය නිල ඇඳුමේ රඳවන ආරක්ෂක කැමරා (Body Worn camera) ලබා දීමට පොලිස් මූලස්ථානයේ අවධානය යොමුව තිබේ.

මුල් අදියර යටතේ එවන් කැමරා 1,500ක් ගෙන එන බව පොලිස් රථවාහන හා අපරාධ අංශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතා සඳහන් කරයි.

මෙම කැමරා පොලිස් නිලධාරීන්ගේ නිල ඇඳුමේ සවිකිරීමට කටයුතු කරනු ලබන්නේ පොලිස් නිලධාරීන් රාජකාරි වේලාවන්වලදී අනවශ්‍ය වැඩ කරනවාද? එසේත් නැතිනම් අව්ව සැර වීමේදී කැප් එක ගලවා අසල ඇති වෙළඳසැලකට රිංගාගෙන සිටිනවාද? යන්න පිළිබඳ සොයා බැලීමට නොවන බව රන්මල් කොඩිතුවක්කු මහතා අවධාරණය කරයි. “අපි මේක ගේන්න ප්‍රධාන හේතුව වුණේ සමාජ මාධ්‍යවල මෙයට පෙර අපි නොදැක්ක ආකාරයේ රැල්ලක් අවාසනාවකට දක්නට ලැබෙන නිසයි. රථවාහන අංශයේ නිලධාරීන් අත දමා වාහනයක් නතර කළාම මිනිස්සු දැන් එන්නේ ෆෝන් එක උස්සගෙනයි. මොනවද රාලහාමි කියන්නේ. මම කවුද කියල දන්නවද? කියල පාරේ ඉන්න පොලිස් නිලධාරියාව අවුස්සල පොලිස් නිලධාරියාගේ ප්‍රතිචාරය ලස්සනට වීඩියෝ කරනවා. පොලිස් නිලධාරියාව අවුස්සන කොටස වීඩියෝ කරන්නේ නැහැ. හැබැයි පොලිස් නිලධාරියාගේ ප්‍රතිචාරය සමාජ මාධ්‍යවල දානවා.

ඔය තත්ත්වය මඟ හරින්නයි අපිට Body Worn camera ගේන්න වුණේ.“ යැයි ද රන්මල් කොඩිතුවක්කු මහතා සඳහන් කළේය.

කණ්ඩායම් වශයෙන් මහමඟ රාජකාරියේ නිරතව සිටින විට අනිවාර්යෙන්ම ඒ එක් නිලධාරියකුගේ නිල ඇඳුමේ කැමරාව තිබෙන බවද රන්මල් කොඩිතුවක්කු මහතා පැවසීය.

පොලිස් නිලධාරීන්ගේ ආත්ම ගරුත්වය, වෘත්තීයභාවය රැකගැනීම සඳහා මෙම පියවර ගත් බවත් පොලිසියේ ගෞරවය රැකෙන්නේ පොලිස් නිලධාරීන්ගේ ගෞරවය රැකුණොත් පමණක් බවද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඩුබායි රථ වාහන තදබදය අවම කිරීමට Hessa වීදියේ නව පාලම විවෘත කරයි
Next Article ආසියානු කාන්තා ක්‍රිකට් කුසලානය ඉන්දියාවට
kumudika

Related Posts

ඊශ්‍රායල් රැකියා සඳහා ලාංකිකයන් පිටත් කිරීම තාවකාලිකව අත්හිටුවයි

June 16, 2025

2024 දී සාජා පොලීසිය රථවාහන මරණ 24% කින් අඩු කරයි

June 16, 2025

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් “Tele Medicine” තාක්ෂණය නමින් විශේෂඥ වෛද්‍ය සේවා ලබා ගැනීමේ පහසුකමක්

June 16, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.