මැලේසියාවේ ක්වාලාලම්පූර්හිදී පැවැති වයස අවුරුදු 19න් පහළ ආසියානු කාන්තා ක්රිකට් කුසලානය ජයග්රහණය කිරීමට ඉන්දීය යොවුන් ක්රීඩිකාවන්ට හැකියාව ලැබිණි.
මැලේසියාවේදී පැවැති මෙම තරගාවලිය සඳහා ශ්රී ලංකාව සමග කණ්ඩායම් 18ක් සහභාගි වූ අතර ශ්රී ලංකා කණ්ඩායම සුපිරි හතරට පැමිණියත් අවසන් තරගයට සුදුසුකම් ලබාගත්තේ නැත.
ඒ අනුව ඉන්දියාව සහ බංග්ලාදේශය අවසන් සටනට සුදුසුකම් ලැබූ අතර ඉන්දියාව ලකුණු 41කින් තරගය ජයගත්තේය.
තරගයේ පළමුව පන්දුවට පහරදීමට ඉන්දීය යොවුන් ක්රීඩිකාවන් පිටියට පිවිසි අතර ඔවුන්ගේ පන්දු වාර විස්ස තුළ කඩුලු 07ක් දැවී ලකුණු 117ක් ලබාගත්හ. පිළිතුරු ඉනිම ක්රීඩා කළ බංග්ලාදේශ ක්රීඩිකාවන්ට ලබාගත හැකි වූයේ ලකුණු 76ක් පමණි.