ශ්රී ලංකාවේ ප්රාග්ධන වෙළෙඳපොළ ඉතිහාසයේ නවතම සංධිස්ථානයක් සනිටුහන් කරමින් කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 15,000 සීමාව අද (24) දින පෙරවරු 10.24 ට පමණ අභිබවා ගියේය.
මේ අතර අද පෙරවරු 11.15 පමණ වන විට සියලු කොටස් මිල දර්ශකය ඒකක 212කින් ඉහළ ගොස් ඒකක 15,022.77 සීමාවට පැමිණ තිබුණු අතර රු. බිලියන 3.84 ඉක්මවූ පිරිවැටුමක් ඒ වන විට වාර්තා වී තිබුණි.