Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

Yas Island හි SeaWorld වෙතින් විනෝදජනක නිවාඩුවක් ගත කරන්න අවස්ථාව

June 14, 2025

ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් ගුවන් ගමන් අවලංගු කිරීම් පිළිබඳ නිවේදනයක්

June 14, 2025

Dubai Fountain  ප්‍රතිසංස්කරණ අඛණ්ඩව සිදු කෙරේ

June 14, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, June 15
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»පාසල් උපකරණ මිල 20% කින් පහලට
Sri Lankan news

පාසල් උපකරණ මිල 20% කින් පහලට

kumudikaBy kumudikaJanuary 2, 2025No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ඩොලරයේ වටිනාකම අඩු වෙමින් තිබෙන නිසා අහ්‍යාස පොත් ඇතුළුව පාසල් උපකරණවල මිල 20%කින් අඩු කිරීමට කටයුතු කර තිබෙන බව සමස්ත ලංකා කුඩා කර්මාන්තකරුවන්ගේ සංගමය සඳහන් කරයි.

කඩදාසි මත 18%ක වැට් බද්ද හා 2.5%ක සමාජ ආරක්ෂණ බද්ද පවතින බවත්, මෙම බදු දෙක ඉවත් කිරීමට කටයුතු කළහොත් අභ්‍යාස පොත් හා පාසල් උපකරණවල මිල තවදුරටත් අඩු කළ හැකි බවද එම සංගමයේ සභාපති නිරුක්ෂ කුමාර මහතා සඳහන් කළේය.

නව වසරේ පාසල් ආරම්භය මේ මස අවසන් සතියේදී සිදුවන බවත්, මේ අනුව දෙමාපියන්ට අඩු මිලට පාසල් උපකරණ හා අභ්‍යාස පොත් මිලදී ගැනීමට අවස්ථාව හිමිවන බවත්, පාසල් ඇඳුම් රෙදි මිල පවා 2023 වසරේ දෙසැම්බර් මාසයට සාපේක්ෂව මෙවර 20%කින් පමණ අඩු වී තිබෙන බවද පැවසීය.

පසුගිය ආණ්ඩුව විසින් වැට් බදු ඉහළ දැමීම හා සමහර භාණ්ඩවලට අලුතින් වැට් බදු එකතු කිරීම නිසා මධ්‍ය පරිමාණ හා කුඩා පරිමාණ කර්මාන්තකරුවන් දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දී සිටින බවත්, මේ පිළිබඳව වර්තමාන ආණ්ඩුව අවධානය යොමුකර අවශ්‍ය කටයුතු සිදුකළ යුතු බවද සඳහන් කළේය.

අභ්‍යාස පොත් මිල අඩු කිරීම යටතේ පසුගිය කාලයේදී රුපියල් 80 ට අලෙවි කළ පොතක් රුපියල් 60 දක්වාත්, රුපියල් 120කට අලෙවි කළ පොතක් රුපියල් සියයක් දක්වාත් මේ වන විට අඩු කර තිබෙන බවත්, මේ ආකාරයට සියලුම පොත් වර්ගවල මිල අඩු වන බවද සඳහන් කළේය.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleශ්‍රී ලංකාවේ උද්ධමනය පිට පිටම ඍණ අගයක් වාර්තා කරයි
Next Article එමීර් රාජ්‍යය සහල් ඇතුළු අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය 8 ක මිල ඉහල දැමීමේ තහනම අද සිට ක්‍රියාත්මක කරයි
kumudika

Related Posts

Yas Island හි SeaWorld වෙතින් විනෝදජනක නිවාඩුවක් ගත කරන්න අවස්ථාව

June 14, 2025

ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් ගුවන් ගමන් අවලංගු කිරීම් පිළිබඳ නිවේදනයක්

June 14, 2025

Dubai Fountain  ප්‍රතිසංස්කරණ අඛණ්ඩව සිදු කෙරේ

June 14, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.