Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

Yas Island හි SeaWorld වෙතින් විනෝදජනක නිවාඩුවක් ගත කරන්න අවස්ථාව

June 14, 2025

ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් ගුවන් ගමන් අවලංගු කිරීම් පිළිබඳ නිවේදනයක්

June 14, 2025

Dubai Fountain  ප්‍රතිසංස්කරණ අඛණ්ඩව සිදු කෙරේ

June 14, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, June 15
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»ශ්‍රී ලංකාවේ උද්ධමනය පිට පිටම ඍණ අගයක් වාර්තා කරයි
Sri Lankan news

ශ්‍රී ලංකාවේ උද්ධමනය පිට පිටම ඍණ අගයක් වාර්තා කරයි

kumudikaBy kumudikaJanuary 2, 2025No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව වාර්ෂික ලක්‍ෂ්‍යමය වෙනසින් මනිනු ලබන මතුපිට උද්ධමනය පිට පිටම සිවුවැනි මසටත් සෘණ අගයක් ප්‍රදර්ශනය කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

පසුගිය වසරේ දෙසැම්බර් මසයේ සියයට 1.7 ක අවධමනයක් ද, ඊට පෙර මස එනම් නොවැම්බර් මස සියයට 2.1 ක අවධමනයක් ද, ප්‍රදර්ශනය කළ බව මහ බැංකුව සඳහන් කරයි.

ආහාර නොවන කාණ්ඩයේ අවධමනය දෙසැම්බර් මාසයේ සියයට 3.0 ක් බවට පත්වෙමින් සුළු පහළ යෑමක් ඇති බවත් නොවැම්බර් මස එම කාණ්ඩයේ අවධමනය සියයට 3.3 ක්ව පැවැති බව මහ බැංකුව සඳහන් වේ.

ආහාර කාණ්ඩයේ උද්ධමනය දෙසැම්බර් මාසයේ සියයට 0.8 ක් බවට පත්ව සුළු ඉහළ යෑමක් පෙන්වන බව පවසන ශ්‍රී ලංකා මහ බැංකුව එය නොවැම්බර් මස සියයට 0.6 ක්ව පැවැති බව ද සඳහන් කරයි.

මාසික පදනම මත මනින කොළඹ පාරිභෝගික මිල දර්ශකය පසුගිය දෙසැම්බර් මාසයේ සියයට 1.19 ක ඉහළ යෑමක් වාර්තා කළ බවත් ආහාර කාණ්ඩයේ අයිතමවල සියයට 1.24 ක මිල ඉහළ යෑම සහ ආහාර නොවන කාණ්ඩයේ අයිතමවල මිල සියයට 0.06 ක පහළ යෑම එයට බලපෑ බවත් මහ බැංකුව කියා සිටියි.

ආර්ථිකයේ දැඩි උද්ධමන ප්‍රවණතා ප්‍රදර්ශනය කරන වාර්ෂික ලක්‍ෂ්‍යමය පදනම මත මූලික උද්ධමනය දෙසැම්බර් මාසයේදී සියයට 2.7 ක් ලෙස නොවෙනස්ව පවතින බව ද මහ බැංකුව පවසයි.

බලශක්ති මිල සැලකිය යුතු ලෙස පහළ යෑම සහ නිතර මිල උච්චාවචනය වන ආහාරවල මිල පහළ යෑමේ අඛණ්ඩ බලපෑම මෙන්ම 2024 මුල් භාගයේදී බදු සංශෝධනය කිරීම් නිසා මිල ඉහළ යෑමෙන් ඇති වූ සැලකිය යුතු පදනම් බලපෑම හේතුවෙන් මතුපිට උද්ධමනය ඉදිරි මාසවලදී සෘණ අගයක් අපේක්‍ෂා කරන බවත් කෙසේ වුවද ඉන් අනතුරුව උද්ධමනය ධන අගයකට පත්වී සුදුසු ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ගවල සහය ඇතිව මැදිකාලීනව ඉලක්කගත සියයට 5 ක මට්ටමකට ක්‍රමයෙන් ළගාවනු ඇතැයි උපේක්‍ෂා කරන බවත් ශ්‍රී ලංකා මහ බැංකුව වැඩි දුරටත් සඳහන් කරයි. 

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous ArticleClean Sri Lanka ව්‍යාපෘතියට සංගා, මහේලගේ සහයත්
Next Article පාසල් උපකරණ මිල 20% කින් පහලට
kumudika

Related Posts

Yas Island හි SeaWorld වෙතින් විනෝදජනක නිවාඩුවක් ගත කරන්න අවස්ථාව

June 14, 2025

ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් ගුවන් ගමන් අවලංගු කිරීම් පිළිබඳ නිවේදනයක්

June 14, 2025

Dubai Fountain  ප්‍රතිසංස්කරණ අඛණ්ඩව සිදු කෙරේ

June 14, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.