Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඩුබායි මෙට්‍රෝව Eid Al Adha වෙනුවෙන් DXB වෙත සංචාරය පුළුල් සේවාවක් සමඟින් කාර්යක්ෂම මගී ප්‍රවාහනයක් වැඩි දියුණු කරයි

June 8, 2025

මෙම ගිම්හානයේදී RTA ඩුබායි පුරා ස්ථාන 40 ක රථවාහන වැඩිදියුණු කිරීම් දියත් කරයි

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට, ඖෂධ වර්ග කීපයක් අත්බෑගයේ රැගෙන යාම තහනම් කරයි

June 8, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, June 9
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»ලාංකිකයන් සතුව රුපියල් ට්‍රිලියන 17 ක තැන්පතු මුදල්
Sri Lankan news

ලාංකිකයන් සතුව රුපියල් ට්‍රිලියන 17 ක තැන්පතු මුදල්

kumudikaBy kumudikaJanuary 8, 2025No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

මිලියන 20ක් පමණ වන ශ්‍රී ලාංකිකයන් සතුව රුපියල් ට්‍රිලියන 17ක තැන්පතු මුදල් ප්‍රමාණයක් පවතින බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අවධාරණය කරයි. එම තැන්පතු මුදල් ප්‍රමාණය තැන්පතු ගිණුම් මිලියන 65කට පමණ අයත් වන බව ද ඒ මහතා පෙන්වා දෙයි. මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා මේ බව සඳහන් කළේය. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයා ඉතා වැදගත් බව පෙන්වාදුන් මහ බැංකුවේ අධිපතිවරයා ඒ පිරිස ආරක්ෂා කිරීම සහ ප්‍රවර්ධනය කිරීම මහ බංකුවේ වගකීමක් බව සඳහන් කළේය.

මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම හා බැංකු පද්ධතියේ ස්ථායීතාව මෙන්ම ජනතාවගේ තැන්පතු මුදල් ආරක්ෂා කිරීම මහ බැංකුවේ වගකීම බව ද ඔහු පෙන්වා දුන්නේය. බැංකු පද්ධතියේ ස්ථායීතාව ආරක්ෂා කිරීම මෙන්ම මහජන තැන්පතු මුදල් ආරක්ෂා කිරීමේ වගකීම ශ්‍රී ලංකා මහ බැංකුවට පමණක් ඇතැයි පෙන්වාදුන් ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා කොවිඩ් වසංගතය පැවති සමයේදී පවා ශ්‍රී ලංකා මහ බැංකුව යම්කිසි සහන ලබාදීමට පියවර ගත් බව සිහිපත් කළේය.

ආර්ථික අර්බුදය අවස්ථාවේ පොලිය ඉහළ යන විට තැන්පත්කරුවන්ගේ මුදල් ආරක්ෂා කිරීමට යම්කිසි සහන දුන් බව ද මේ වන විට පොලී අනුපාතය සහ ආර්ථිකය යම්කිසි සාධනීය මට්ටමකට පැමිණ තිබෙන බව ද පැවසූ ඒ මහතා මහජන තැන්පතු මුදල් අනතුරේ දැමීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවට කිසිදු අයිතියක් නැති බව ද පෙන්වා දුන්නේය. මේ ක්‍රියාවලිය තුළ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට යම් යම් ගැටලු ඇති වී තිබෙන බව පෙන්වාදුන් මහ බැංකුවේ අධිපතිවරයා ඒ අනුව එවැනි කර්මාන්තකරුවන් ආරක්ෂා කිරීම ලොව ඕනෑම රටක පවතින රජයේ වගකීමක් බව ද මහා භාණ්ඩාගාරයෙන් ඒ සඳහා සහන සැපයිය හැකි බව ද පැවසීය.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous ArticleSymphony Of Love සමඟ Gypsies ඩුබායි සම්ප්‍රාප්තියට සූදානම්
Next Article ශ්‍රී ලංකා, නවසීලන්ත තරඟයට වැස්සෙන් බාධා
kumudika

Related Posts

ඩුබායි මෙට්‍රෝව Eid Al Adha වෙනුවෙන් DXB වෙත සංචාරය පුළුල් සේවාවක් සමඟින් කාර්යක්ෂම මගී ප්‍රවාහනයක් වැඩි දියුණු කරයි

June 8, 2025

මෙම ගිම්හානයේදී RTA ඩුබායි පුරා ස්ථාන 40 ක රථවාහන වැඩිදියුණු කිරීම් දියත් කරයි

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට, ඖෂධ වර්ග කීපයක් අත්බෑගයේ රැගෙන යාම තහනම් කරයි

June 8, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.