Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

Al Ain Camel Racing Festival තරඟ 605 ක් සමඟ ඇරඹීමට සූදානම්

June 18, 2025

එමීර් රාජ්‍යය හදිසි ගුවන් තොටුපළ ප්‍රතිචාර සැලැස්ම ක්‍රියාත්මක කරයි

June 18, 2025

Emirates ගුවන් සමාගමෙන් ළමා මගීන් සඳහා සෙල්ලම් බඩු සහ බෑග් එකතුවක් හඳුන්වා දෙයි

June 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Wednesday, June 18
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»වරාය අධිකාරියේ බහාලුම් පර්යන්තය ඓතිහාසික වාර්තාවක් තබයි
Sri Lankan news

වරාය අධිකාරියේ බහාලුම් පර්යන්තය ඓතිහාසික වාර්තාවක් තබයි

kumudikaBy kumudikaJanuary 10, 2025No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ බහලුම් පර්යන්ත 2024 දෙසැම්බර් 31 වන විට බහලුම් මිලියන 2.4 කට අධික ප්‍රමාණයක් හසුරුවමින් ඓතිහාසික සංධිස්ථානයකට ලඟා වී තිබේ. මෙය 2023 දී හසුරුවන ලද බහලුම් 1.9ට සාපේක්‍ෂව 23% කැපි පෙනෙන වර්ධනයකි. ඒ තුළින් කොළඹ වරාය තුළ ඉහළම වර්ධනය පෙන්නුම් කරන පර්යන්තයක් ලෙසින් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ බහලුම් පර්යන්තයන් පත්ව තිබේ.

නැගෙනහිර බහලුම් පර්යන්තය දිගින් මීටර් 400 ඉක්මවන සහ බහලුම් 23000 කට වඩා රැගෙන යා හැකි නැව් ඇතුළුව ලොව විශාලතම නෞකා හැසිරවීමේ හැකියාව පෙන්නුම් කර ඇත. එමගින් ගෝලිය සමුද්‍ර කර්මාන්තයේ ප්‍රමුඛ ස්ථානයකට පත්වීමේ හැකියාව පෙන්නුම් කර තිබේ.

සමස්ථ කොළඹ වරාය 2024 වර්ෂයේ දී බහලුම් මිලියන 7.7 ක් හසුරුවමින් එහි ප්‍රශස්ත මට්ටම අත්කරගෙන ඇත. මෙය 2023 දී හසුරුවන ලද බහලුම් මිලියන 6.9 හා සසඳන විට 12.3% ක වර්ධනයකි. එය කොළඹ වරාය දකුණු ආසියානු සමුද්‍රීය කලාපය තුළ නාවික කේන්ද්‍රස්ථානයක් ලෙස නැවත තහවුරු කිරීමකි.

බටහිර ජාත්‍යන්තර බහලුම් පර්යන්තය (WICT) 2025 පෙබරවාරි මාසයේ දී මෙහෙයුම් ආරම්භ කිරීමට නියමිතය. මේ අතර දැනට සංවර්ධනය වෙමින් පවතින අර්ධ ස්වයංක්‍රීය නැගෙනහිර බහලුම් පර්යන්තය 2025 දී අමතර සේවා ආකර්ෂණය කර ගැනීමට සහ ඉහළ ධාරිතාවක් කරා ප්‍රවේශ වීමට ශ්‍රී ලංකා වරාය අධිකාරියේ පර්යන්ත කටයුතු කරමින් සිටියි. 2026 වන විට සමස්ථ කොළඹ වරායේ ධාරිතාව බහලුම් මිලියන 15 දක්වා වර්ධනයක් කරා යනු ඇතැයි අපේක්‍ෂා කෙරේ.

2024 දි කොළඹ වරාය ජාත්‍යත්තර බහලුම් පර්යන්ත (CICT) විසින් අඩි 20 සම ඒකක බහලුම් මිලියන 3.3 ක් මෙහෙයුම් සිදුකළ අතර, දකුණු ආසියා ගේට්වේ පර්යන්තය (SAGT) අඩි 20 සම ඒකක බහලුම් මිලියන 2.0 ක් හසුරුවන සමස්ථ කොළඹ වරායේ බහලුම් මෙහෙයුම් හැකියාවේ ශක්‍යතාවය පෙන්නුම් කරයි.

මෙම වාර්තාගත ජයග්‍රහණ සහ උපාය මාර්ගික ප්‍රගතිය මෙහෙයුම් විශිෂ්ටත්වය සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නොසැළෙන කැපවීම සහ කොළඹ වරාය කලාපයේ ප්‍රමුඛ සමුද්‍ර හා සැපයුම් මධ්‍යස්ථානයක් ලෙස ස්ථානගත කිරීමේ වැදගත්කම හෙළි කරයි.

අති නවීන යටිතල පහසුකම් සංවර්ධනය සහ පුළුල් වන ධාරිතාව සමගින් කොළඔ වරාය ඉදිරි වසරවල ගෝලීය නාවික සහ සැපයුම් කර්මාන්තයේ ප්‍රශස්ථ මට්ටම කරා ළඟා වෙනු ඇත. එය ශ්‍රී ලංකාවේ ආර්ථිකයට විශාල දායකත්වයක් ලබා දෙනු ඇත.

Colombo Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleදිස්ත්‍රික්ක 10 ක ජනතාවගෙන් 32% ක් ආහාර සඳහා ණය වෙයි
Next Article ලියාපදිංචි නොවූ ජංගම දුරකථන භාවිතය තහනම්
kumudika

Related Posts

Al Ain Camel Racing Festival තරඟ 605 ක් සමඟ ඇරඹීමට සූදානම්

June 18, 2025

එමීර් රාජ්‍යය හදිසි ගුවන් තොටුපළ ප්‍රතිචාර සැලැස්ම ක්‍රියාත්මක කරයි

June 18, 2025

Emirates ගුවන් සමාගමෙන් ළමා මගීන් සඳහා සෙල්ලම් බඩු සහ බෑග් එකතුවක් හඳුන්වා දෙයි

June 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.