Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට ඊද් සුබ පැතුම් මුද්දරයක්

June 7, 2025

කොරෝනා එන්නත්කරණය යලි අරඹන්න ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් උපදෙස්

June 7, 2025

මහ බැංකුවේ නිල සංචිත පහලට

June 7, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Saturday, June 7
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»IMF වෙතින් ශ්‍රී ලංකාවට රුපියල් බිලියන හාරදාස් පන්සීයක ඉලක්කයක් ලබා දෙයි
Sri Lankan news

IMF වෙතින් ශ්‍රී ලංකාවට රුපියල් බිලියන හාරදාස් පන්සීයක ඉලක්කයක් ලබා දෙයි

kumudikaBy kumudikaJanuary 11, 2025No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

රුපියල් බිලියන හාරදාස් පන්සීයකට අධික ප්‍රමාණයක් මේ වසරේ හොයාගන්නැයි ජාත්‍යන්තර මුල්‍ය අරමුදල දන්වා ඇතැයි එක්සත් ජනරජ පෙරමුණේ නායක, හිටපු ඇමති පාඨලී චම්පික රණවක මහතා පවසයි.

විදුලි ගාස්තු සම්බන්ධයෙන් අදහස් විමසීම සඳහා ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම විසින් සංවිධානය කරන ලද සාකච්ඡාව සඳහා එක්වෙමින් ඔහු මේ බව පැවසුවේය.

“අද මේ රට පාලනය කරන, ජාත්‍යන්තර මූල්‍යය අරමුදල, අපේ ක්‍රිස්ටියානා ජෝර්ජියාවා මැතිනිය, එතුමිය දීලා තියෙනවා ආණ්ඩුවට ඉලක්කයක්. බිලියන් හාරදාස් පන්සීයකට අධික ප්‍රමාණයක් මේ වසරේ හොයාගන්න කියලා. ඒ හොයාගන්න යන්නේ මේ බද්දයි, තෙල් බද්දයි. ඒ බදු දෙකෙන් බිලියන හාරසීයක් එකතු කරගත යුතුයි. එහෙම වුණොත් තමයි මේ හාරදාස් පන්සීය ගන්න පුළුවන්. ඇත්ත ඕකයි. ඒ ඇත්ත කියන්නේ නැතුව, මේ ව්‍යාජ ඉලක්කම් පෙන්වීම, රට නොමඟ යැවීමක්, දේශපාලන නොමඟ යැවීමක්, සහ අනෙකුත් කාරණා.

ඒ නිසා අපි ඉල්ලන්නේ වෙන මොකුත් නෙවෙයි, කරුණාකරලා අපෙන් වැඩියෙන් අයකරගත්ත ටික, අපේ ජනතාවට දෙන්න පාඩුවක් සිද්ධ වුනොත් ඔය කියන විදියට ලංකා විදුලිබල මණ්ඩලය කියන විදියට වහින්නෙ නැතුව ඉඳලා එහෙම ප්‍රශ්නයකුත් ඊළඟ හය මාසෙදි ඒක ගන්න. ඒක තමයි විද්‍යාත්මක ක්‍රමවේදය.

අනාගතය සඳහා පුරෝකථනය කරලා අය ක්‍රම හදන්න බෑ. අතීතයට ගැලපෙන විදිහට හදන්න. ඒ වගේම ලංකා විදුලිබල මණ්ඩලයට ඉලක්ක දෙන්න. මෙහෙ කොහෙවත් නෑ කරන්න මෙච්චර කියලා. ඔබගේ කාර්යක්ෂමතාවය නංවන්න එකක් නෑ. කිසිම දෙයක් නෑ. ලංකා විදුලිබල මණ්ඩලයේ ඔක්කොම ප්‍රශ්න ටික මෙතෙන්ට දාලා තියෙනවා.

දැන් ගිය අවුරුද්දේ විදුලි කප්පාදුවක් වුණා සමනල වැව. මොකක්ද? සමනල වැව හිඳුනා. හරි. මොකද හේතුව? හම්බන්තොටට ගහන්න ගිය එක නිසි කාලෙදි ඉවර කලේ නෑ. මීටර් පොඩි ගානක ප්‍රශ්නයක් මත අවුරුදු තුනක් පාඩු කළා. රටට කොච්චර පාඩු උනාද? ගොවියන්ට කොච්චර පාඩු උනාද? ලංකා විදුලිබල මණ්ඩලයේ එක බාරව හිටපු ඉංජිනේරුවට ගත්ත ක්‍රියාමාර්ගය මොකක්ද? කීදෙනෙක්ට මෙහෙම වෙලා තියෙනවද? මේ ඔක්කොම අන්තිමට යනවා මහජනයා පිටින්.

ඉතින් ඒක නිසා කරුණාකරලා ඔවුන්ට කේ. පී. අයි. අඳුන්නලා දීලා ඔවුන්ටත් දෙන්න ඉලක්කයක් බිලියන මෙච්චර ගානක් ඉතුරු කරන්න. එහෙම වුනොත් තමයි ඒගොල්ලෝ වැටුප් වර්ධක ලැබෙන්නේ කියලා. එහෙම නැතුව ඒගොල්ලන්ගේ බලය පාවිච්චි කරලා ඒ කටයුත්ත කරන්න දෙන්න එපා. අනාගතය පුරෝකථනය කරලා විදුලි බිල් ගහන්න බෑ. බදු ගහන්න බෑ. අතීතයේ තත්ත්වය බලලා ඒ සහනය ලබා දීලා, ආර්ථිකයත්, අපේ ජනතාවත් ගලවගන්න කියලා ඔබතුමාලගෙන් ඉල්ලා හිටිනවා.”

Featured Sri Lanka World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Article2024 දී විදෙස් ප්‍රේෂණ ඩොලර් මිලියන 613.8 ක් ශ්‍රී ලංකාවට
Next Article Dubai Shopping Festival වෙතින් ආකර්ෂණීය ඉසව් හතක් නොමිලේ
kumudika

Related Posts

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට ඊද් සුබ පැතුම් මුද්දරයක්

June 7, 2025

කොරෝනා එන්නත්කරණය යලි අරඹන්න ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් උපදෙස්

June 7, 2025

මහ බැංකුවේ නිල සංචිත පහලට

June 7, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.