2024 දෙසැම්බර් මාසයේදී විදෙස්ගත ශ්‍රමිකයන්ගෙන් ලැබුණු ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 613.8ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.
ඒ අනුව 2024 වර්ෂය සඳහා වන සමස්ත විදෙස් ප්‍රේෂණ අගය අමෙරිකානු ඩොලර් මිලියන 6,575.4ක් බව සඳහන් වේ. මෙම අගය 2023 වසරට වඩා 10.1% ක වැඩිවීමකි.