Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට ඊද් සුබ පැතුම් මුද්දරයක්

June 7, 2025

කොරෝනා එන්නත්කරණය යලි අරඹන්න ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් උපදෙස්

June 7, 2025

මහ බැංකුවේ නිල සංචිත පහලට

June 7, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Saturday, June 7
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»ඔට්ටුසුඩාන් උළු කර්මාන්ත ශාලාවේ වැඩ නැවත ඇරඹේ
Sri Lankan news

ඔට්ටුසුඩාන් උළු කර්මාන්ත ශාලාවේ වැඩ නැවත ඇරඹේ

kumudikaBy kumudikaJanuary 12, 2025No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

උතුරු නැගෙනහිර ඇතුළුව දිවයිනේ සෙසු ප්‍රදේශ වල පවතින ඉල්ලුම සපුරාලීමේ අරමුණින් ලංකා පිඟන් සංස්ථාවට අයත් ඔට්ටුසුඩාන් උළු කර්මාන්තශාලාවේ නිෂ්පාදන කටයුතු දින 30 ක් ඇතුළත නැවත ආරම්භ කරන බව ලංකා පිගන් සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස පත්වූ ඩිල්ෂාන් වීරසිංහ මහතා පවසයි.

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ලංකා පිඟන් සංස්ථාවට අයත් අම්පාර එරියගම පිහිටි උළු නිෂ්පාදන කර්මාන්තශාලාවේ යන්ත්‍රෝපකරණ නවීකරණය කර එහි නිෂ්පාදන කටයුතු ඉහළ නැංවීමටත්, උළු හා ගඩොල් නිෂ්පාදනය සඳහා නවීන තාක්ෂණය හඳුන්වා දී එම අංශයේ නිෂ්පාදන ධාරිතාව වැඩිදියුණු කිරීමට හා පිඟන් ගඩොල් කර්මාන්තශාලාවක් ආරම්භ කර පිඟන් ගඩොල් නිෂ්පාදනය ආරම්භකිරීමටත් කටයුතු කරන බවද නව සභාපතිවරයා පැවසීය. එසේම “ ලංකා පෝසිලෙන් ” (Lanka Porcelain) නාමය යටතේ ඉදිරියේදී නාන කාමර උපාංග නිෂ්පාදනය කිරීමටද කටයුතු කරන බව ලංකා පිගන් සංස්ථාවේ නව සභාපති ඩිල්ෂාන් වීරසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.

පුද්ගලික හා රාජ්‍ය අංශයේ මූල්‍ය ක්ෂේත්‍රය තුළ වසර 20 කට වඩා වැඩි අත්දැකීම් හා පලපුරුද්දක් සහිත වරලත් ගණකාධිකාරීවරයෙක් වන ලංකා පිගන් සංස්ථාවේ නව සභාපතිවරයා කොළඹ රාජකීය විද්‍යාලයේ දීප්තිමත් ආදි සිසුවෙකි.

Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඇමරිකාවෙන් ශ්‍රී ලංකා පොලීසියට වේග තුවක්කු
Next Article ඩේටා පැකේජ මිල ආසාධාරණ ලෙස ඉහල දමා ඇතැයි පාරිභෝගිකයන්ගෙන් මැසිවිලි
kumudika

Related Posts

කොරෝනා එන්නත්කරණය යලි අරඹන්න ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් උපදෙස්

June 7, 2025

මහ බැංකුවේ නිල සංචිත පහලට

June 7, 2025

සමූපකාර බැංකු නීති කඩිනම් කිරීමට පියවර

June 7, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.