Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට ඊද් සුබ පැතුම් මුද්දරයක්

June 7, 2025

කොරෝනා එන්නත්කරණය යලි අරඹන්න ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් උපදෙස්

June 7, 2025

මහ බැංකුවේ නිල සංචිත පහලට

June 7, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Saturday, June 7
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»ඩේටා පැකේජ මිල ආසාධාරණ ලෙස ඉහල දමා ඇතැයි පාරිභෝගිකයන්ගෙන් මැසිවිලි
Sri Lankan news

ඩේටා පැකේජ මිල ආසාධාරණ ලෙස ඉහල දමා ඇතැයි පාරිභෝගිකයන්ගෙන් මැසිවිලි

kumudikaBy kumudikaJanuary 12, 2025No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
xr:d:DAFmWosWwhM:1148,j:800924209866513898,t:23111611
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ඕනෑම ජාලයක් වෙත මසක කාලයක් නොමිලේ දුරකතන ඇමතුම් ලබා ගැනීමට සහ සමාජ මාධ්‍ය වෙත නොමිලේ පිවිසීමට හැකි දිනකට ගිගාබයිට් එක බැගින් මසකට ගිගාබයිට් 30 ක ප්‍රමාණයක් ලබා දී තිබූ දුරකතන පැකේජවල මිල ඉහළ දමා ඇතැයි පාරිභෝගිකයන් මැසිවිලි නගන බවට බීබීසී සිංහල වෙබ් අඩවිය සඳහන් කරයි.

පාරිභෝගිකයකු එතෙක් රුපියල් 988 ක මුදලක් ගෙවා සක්‍රීය කරගත් පැකේජය 2024.10.05 වැනි දින සිට ලබාගත නොහැකි බව එම පාරිභෝගිකයාට සේවා සපයන දුරකතන ජාලය දන්වා තිබිණි. ඒ වෙනුවට, 1,298 ක් වැය කර නව පැකේජය සක්‍රීය කර ගන්නා ලෙසට අදාළ සමාගම විසින් දැනුම් දී ඇති අතර පසුව නව පැකේජයක් හඳුන්වා දෙමින් දුරකතන සමාගම දන්වා ඇත්තේ එම පැකේජය සඳහා අය කෙරෙන ගාස්තුව රුපියල් 1,989 ක් බවයි.

මෙම නව පැකේජ ගාස්තු සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය එක්තරා දුරකතන සමාගමකින් විමසූ අවස්ථාවේ ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ ගිගාබයිට් 30 පැකේජය ගිගාබයිට් 12 දක්වා අඩුකර ඇති බවටය. පසුගිය සැප්තැම්බර් මස 1 වැනිදා සිට නව සබඳතා ලබාගත් පාරිභෝගිකයන් ඒ සම්බන්ධයෙන් දැනුම්වත් කළ බවද දුරකතන සමාගම ප්‍රකාශ කර ඇත.

මේ සම්බන්ධයෙන් තවත් සමාගමකින් විමසීමක් කළ විට එම සමාගම සඳහන් කර ඇත්තේ පැවති පැකේජවල මිල ගණන් නොවෙනස්ව පවතින බවයි. මෑතකදී දුරකතන ගාස්තුවල කිසිදු සංශෝධනයක් සිදුකර නොමැති බවත් රුපියල් 797 සහ 1,599 පැකේජ අලු‍තින් හඳුන්වා දුන් පැකේජ බවත් ඔවුන් පවසා තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඉන්ද්‍රජිත් හඳපාන්ගොඩ ප්‍රකාශ කර ඇත්තේ මේ වන විට ක්‍රියාත්මක වන පැකේජ ගාස්තු සංශෝධනය කර නොමැති නමුත් දුරකතන සමාගම් අලු‍තින් “Tariff plans” (අයක්‍රම සැලසුම්) අනුමත කරගෙන ඇති බවයි. ඉන් පවතින අයක්‍රම සැලසුම්වල මිල වැඩි කිරීමක් හෝ පවතින ප්‍රතිලාභ අඩු කිරීමක් ඉන් සිදු නොවන්නේ යැයි ඔහු ප්‍රකාශ කර ඇත. අයක්‍රම සැලසුමක් ඉදිරිපත් කළ පසු එම පැකේජය භාවිත කරන පුද්ගලයකුට දුරකතන සමාගම අවම වශයෙන් වසරක කාලයක් සේවාව සැපයිය යුතු බවද වසරකට පසු සංශෝධනයකට යෑමට හැකි බවද සඳහන් කර තිබේ. දුරකතන සමාගම්වල අවශ්‍යතාව පරිදි නව පැකේජ වෙළෙඳපොළට හඳුන්වා දීමට අනුමැතිය ඉල්ලා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත ඉල්ලු‍ම් කරන බවද ඔහු සඳහන් කර ඇත.

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ පෙන්වා දී ඇත්තේ ඩේටා පැකේජ හරහා පාරිභෝගිකයන්ගෙන් අනිසි ලෙස මුදල් අයකිරීම් සිදුවන බවය.

Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඔට්ටුසුඩාන් උළු කර්මාන්ත ශාලාවේ වැඩ නැවත ඇරඹේ
Next Article 2025 දී පුරෝගාමී ගෝලීය සම්මන්ත්‍රණ හයක් එමීර් රාජ්‍යයෙදී
kumudika

Related Posts

කොරෝනා එන්නත්කරණය යලි අරඹන්න ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් උපදෙස්

June 7, 2025

මහ බැංකුවේ නිල සංචිත පහලට

June 7, 2025

සමූපකාර බැංකු නීති කඩිනම් කිරීමට පියවර

June 7, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.