Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

බෝගම්බර බන්ධනාගාර ඉඩම බදු දීමට කැබිනට් අනුමැතිය

June 15, 2025

මෙට්‍රෝ දුම්රිය පරීක්ෂණ සඳහා AI රොබෝවරු

June 15, 2025

ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති 20 ක් ආරම්භ කිරීමට ජනපති සූදානම්

June 15, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, June 16
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»ඇල්ල දුම්රිය e ටිකට් පත් අලෙවියේ වංචාවක් – ප්‍රවාහන ඇමති කියයි
Sri Lankan news

ඇල්ල දුම්රිය e ටිකට් පත් අලෙවියේ වංචාවක් – ප්‍රවාහන ඇමති කියයි

kumudikaBy kumudikaJanuary 16, 2025No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

විදේශිකයන්ගේ ආකර්ෂණය දිනාගත් උඩරට දුම්රිය මාර්ගයේ ඇල්ල දක්වා වූ දුම්රිය ඊ ටිකට්පත් අන්තර්ජාලයට මුදාහැර තත්ත්පර 42ක් තුළ ටිකට්පත් සියල්ල විකිණී අවසන් වීම පසුපස මහා පරිමාණ වංචාවක් සිදුවන බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන පවසයි.

මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී අදහස් දක්වමින් මේ බව අනාවරණය කළ නියෝජ්‍ය ඇමතිවරයා ටිකට්පත් ජාවාරම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කර තිබෙන බව ද අවධාරණය කළේය.

මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම එහි සම සභාපතිවරු වන අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්තගේ සහ මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (ජන. 15) මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

සෑම සති අන්තයකදී ම අන්තර්ජාලයට ටිකට්පත් 200ක් පමණ නිකුත් කරන අතර මේ ආකාරයෙන් ක්ෂණිකව ටිකට්පත් සියල්ල මිලට ගන්නා කණ්ඩායම් රුපියල් 2,000 ක වටිනාකමින් යුත් ටිකට්පතක් විදේශිකයන්ට රුපියල් 16,000ට අලෙවි කළ අවස්ථා වාර්තා වන බව ද නියෝජ්‍ය ඇමතිවරයා කීය.

කොළඹ කොටුව, මහනුවර හා ඇල්ල දුම්රිය ස්ථාන කේන්ද්‍ර කරගනිමින් මෙම වැඩි මිලට දුම්රිය ටිකට්පත් අලෙවි කිරීමේ ජාවාරම ක්‍රියාත්මක වන බව ත් ඒ සඳහා දුම්රිය ස්ථාන පරිශ්‍රයේ ත්‍රිරෝද රථ ගාල් කරන පුද්ගලයන්ගේ සහය ලැබෙන බවට තොරතුරු පවතින බවත් ඔහු පැවසුවේය.

දුම්රිය දෙපාර්තමේන්තුව ගමන් වාරය සඳහා අදාළ දිනයට වලංගු ඊ ටිකට්පත් මාසයකට ඉහතදී අන්තර්ජාලයට මුදා හරින බව ත් එසේ මුදා හැර බලා සිටියදී තත්පර 42ක් වැනි කෙටි කාලයකදී ටිකට්පත් සියල්ල විකිණී අවසන් වීම අඛණ්ඩව සිදුවෙමින් තිබෙන බව ත් නියෝජ්‍ය ඇමතිවරයා කීවේය.

පරිගණක සම්බන්ධයෙන් විශේෂ දැනුමක් ඇති පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් විසින් මෙය සිදු කරන බවට සැකයක් පවතින බව ත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරන ලද පැමිණිල්ලට අදාළ වාර්තාව මෙතෙක් නොලැබුණු බව ත් කී ඔහු මෙය පාලනය කිරීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාවක් පැන නැඟී ඇතැයි ද අවධාරණය කළේය.

මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කිරීමට නම් පැමිණිල්ලක් සිදුකරන පුද්ගලයා අධිකරණ ක්‍රියාවලියට සම්බන්ධ විය යුතු බව ත් වැඩි මිලට ටිකට්පත් මිලට ගන්නා පිරිස් ඒ සම්බන්ධයෙන් චෝදනා කරන නමුත් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට යෑමේදී සහය නොදී මග හැරීම බරපතළ ගැටලුවක් බවත් පොලිසිය පවසයි.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleචීනයේ Invest Sri Lanka සැසියට ශ්‍රී ලංකා ජනාධිපතිවරයා එක් වෙයි
Next Article ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ සහ දූෂණ වැළක්වීමේ වැඩපිළිවෙල ප්‍රශංසනීයයි – ඇමරිකානු තානාපතිනි
kumudika

Related Posts

බෝගම්බර බන්ධනාගාර ඉඩම බදු දීමට කැබිනට් අනුමැතිය

June 15, 2025

මෙට්‍රෝ දුම්රිය පරීක්ෂණ සඳහා AI රොබෝවරු

June 15, 2025

ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති 20 ක් ආරම්භ කිරීමට ජනපති සූදානම්

June 15, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.