Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

බෝගම්බර බන්ධනාගාර ඉඩම බදු දීමට කැබිනට් අනුමැතිය

June 15, 2025

මෙට්‍රෝ දුම්රිය පරීක්ෂණ සඳහා AI රොබෝවරු

June 15, 2025

ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති 20 ක් ආරම්භ කිරීමට ජනපති සූදානම්

June 15, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, June 16
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ සහ දූෂණ වැළක්වීමේ වැඩපිළිවෙල ප්‍රශංසනීයයි – ඇමරිකානු තානාපතිනි
Sri Lankan news

ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ සහ දූෂණ වැළක්වීමේ වැඩපිළිවෙල ප්‍රශංසනීයයි – ඇමරිකානු තානාපතිනි

kumudikaBy kumudikaJanuary 16, 2025No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ රජය ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට සහ වංචා හා දූෂණ වැළැක්වීම සඳහා ක්‍රියාමාර්ග ගැනීමට ඇති කැපවීම ප්‍රශංසනීය බව ශ්‍රී ලංකා ඇමෙරිකානු තානාපතිනි ජුලී චන්ග් මහත්මිය  ශ්‍රී ලංකා ප්‍රධාන විධායක නිලධාරීන්ගේ සමුළුවේදී ප්‍රකාශ කළාය.

පිරිසිදු පරිසරයක් පමණක් නොව රටට හිතකර දේශපාලන හා ආර්ථික සංස්කෘතිය යළි ඇතිකිරීම පෙන්නුම් කරන “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන යටතේ ගන්නා ස්ථිර පියවර මොනවාදැයි යන්න පිළිබඳව සහ ඒ යටතේ ක්‍රියාත්මක කරන දූෂණ විරෝධී හෝ ඉන් ඔබ්බට ගිය ප්‍රතිසංස්කරණවලට දායක විය හැක්කේ කෙසේදැයි යන්න පිළිබඳව ඇමෙරිකාව පමණක් නොව සියලුදෙනාම බලා සිටින බව ඇය සඳහන් කළාය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහනේ කැපවීම්වලට අනුකූලව යමින් රට ඉදිරියට ගෙන යාමට ඇති කැපවීම සහ ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කර අවසන් කිරීම ඇමෙරිකාව අගය කොට සළකන බව එහිදී ජුලී චන්ග් මහත්මිය පැවැසුවාය.

ආර්ථිකය සංවර්ධනය කරා රැගෙන යන විනිවිදභාවයෙන් යුත් නීතිය මත පදනම් වූ ආයෝජන වටපිටාවක් නිර්මාණය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ඇමරිකානු වාණිජ මණ්ඩලය වැනි හවුල්කරුවන් සමග එක්ව කටයුතු කිරීමට නව රජයට ඇති කැපවීමද ප්‍රශංසනීය බව චන්ග් මහත්මිය ප්‍රකාශ කළාය.

මක්නිසාද යත් ස්ථාවරත්වය යනු පළමු පියවර පමණක් බව අපි සැවොම දන්නා කරුණක් බවත් දුෂ්කර පියවර වන්නේ වැඩි වර්ධනයක් සහ ඵලදායිතාවයක් ජනනය කිරීම සහ දිගු කාලීනව වඩා හොඳ මූල්‍ය හා ආර්ථික පුරුදු ඇති කිරීම බවත් ඇය පැවැසුවාය.

අකාර්යක්ෂම රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිසංස්කරණය කරයිද? නව රජය ගිවිසුම්වලට ගරු කරනු ඇත්ද? විදේශීය සමාගම්වලට මෙරට ආයෝජන ක්ෂේත්‍රයේ සම මට්ටමේ ක්‍රීඩා පිටියක් නිර්මාණය වෙයිද? කෘතිම බුද්ධිය අපගේ ව්‍යාපාර රැගෙන යන්නේ කොතැනටද? මෙම ප්‍රශ්නවලට කුමන ආකාරයේ පිළිතුරක් ලැබේදැයි සියලු බලා සිටින බවද ජුලී චන්ග් මහත්මිය කියා සිටියාය.

Featured Sri Lanka World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඇල්ල දුම්රිය e ටිකට් පත් අලෙවියේ වංචාවක් – ප්‍රවාහන ඇමති කියයි
Next Article වඩමාරච්චි නාගර්කෝවිල් වෙරළට පාවෙන බුදු මැදුරක් ගසා ගෙන එයි
kumudika

Related Posts

බෝගම්බර බන්ධනාගාර ඉඩම බදු දීමට කැබිනට් අනුමැතිය

June 15, 2025

මෙට්‍රෝ දුම්රිය පරීක්ෂණ සඳහා AI රොබෝවරු

June 15, 2025

ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති 20 ක් ආරම්භ කිරීමට ජනපති සූදානම්

June 15, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.