Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති 20 ක් ආරම්භ කිරීමට ජනපති සූදානම්

June 15, 2025

කිසිම බද්දක් අඩු කරන්න එපා – IMF කියයි

June 15, 2025

ලංකාවේ ණය බර තවදුරටත් ඉහලට

June 15, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, June 15
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»World news»ඊශ්‍රායල් ,හමාස් සටන් විරාමයකට එකඟතාව
World news

ඊශ්‍රායල් ,හමාස් සටන් විරාමයකට එකඟතාව

kumudikaBy kumudikaJanuary 16, 2025No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය, ගාසා තීරයේ සටන් විරාමයකට සහ ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමේ ගිවිසුමකට එකඟ වී ඇත. ඒ මාස 15ක යුද්ධයකින් පසුවය. මෙම සාකච්ඡා සඳහා කටාර් සහ අමෙරිකා එක්සත් ජනපදය මැදිහත්කරුවන් ලෙස කටයුතු කළහ.

කටාර් අගමැති ෂෙයික් මොහොමඩ් බින් අබ්දුල් රහ්මාන් අල් තානි පැවසුවේ ගිවිසුම ඊශ්‍රායල කැබිනට් මණ්ඩලය විසින් අනුමත කිරීමෙන් අනතුරුව ඉරිදා සිට බලාත්මක වන බවයි.

මෙම සටන් විරාමය ගාසා තීරයේ සටන් නවත්වන බවත්, පලස්තීන සිවිල් වැසියන්ට අත්‍යවශ්‍ය මානුෂීය ආධාර ලබා දෙන බවත්, ප්‍රාණ ඇපකරුවන් ඔවුන්ගේ පවුල් සමඟ නැවත එක් කරන බවත් අමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් පවසා තිබේ.

ගිවිසුමේ අවසන් තොරතුරු තවමත් සකස් වෙමින් පවතින නමුත් එය “ප්‍රවර්ධනය කිරීම” සම්බන්ධයෙන් අමෙරිකානු ජනපති බයිඩන්ට ස්තුතිවන්ත වන බව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසයි.

මෙලෙස සටන් විරාමයකට එළඹීමට හැකියාව ලැබුණේ පලස්තීන “ප්‍රතිරෝධීතාවයේ” ප්‍රතිඵලයක් නිසා බව හමාස් නායක කලීල් අල්-හයියා පවසා ඇත.

ගාසා තීරයේ සටන් විරාම පුවත සැල්වීමත් සමගම බොහෝ පලස්තීන ජාතිකයන් සහ ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන්ගේ පවුල් එකිනෙකා වැළඳගනිමින් එය සමරා තිබේ.

2023 වසරේ ඔක්තෝබර් 7 වන දින හමාස් සංවිධානය කළ පෙර නොවූ විරූ දේශසීමා ප්‍රහාරයක් එල්ල කරමින්, ඊශ්‍රායල වැසියන් 1,200 ක් පමණ ඝාතනය කර, තවත් 251 දෙනෙකු ප්‍රාණ ඇපයට ගත්හ. ඊට ප්‍රතිචාර වශයෙන් අමෙරිකා එක්සත් ජනපදය සහ අනෙකුත් රටවල් විසින් ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස තහනම් කර ඇති හමාස් විනාශ කිරීමේ මෙහෙයුමක් ඊශ්‍රායලය දියත් කළා.

එතැන් සිට ගාසා තීරයේ පුද්ගලයින් 46,700 කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බව එම ප්‍රදේශයේ හමාස් පාලනය කරන සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Featured World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleවඩමාරච්චි නාගර්කෝවිල් වෙරළට පාවෙන බුදු මැදුරක් ගසා ගෙන එයි
Next Article සුපිරි බොලිවුඩ් නළු සයිෆ් අලිට පිහි ප්‍රහාරයක්
kumudika

Related Posts

ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති 20 ක් ආරම්භ කිරීමට ජනපති සූදානම්

June 15, 2025

කිසිම බද්දක් අඩු කරන්න එපා – IMF කියයි

June 15, 2025

ලංකාවේ ණය බර තවදුරටත් ඉහලට

June 15, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.