Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ලංකාවෙන් දකුණු කොරියාවට මත්ස්‍ය අපනයනය සම්බන්ධ රැකියා පුළුල් කිරීමට සාකච්ඡා

May 10, 2025

නව පළාත් ආයතන වල නිල කාලය ජූනි 2 දා සිට ඇරඹෙයි

May 10, 2025

ඩුබායි ප්‍රවාහන අධිකාරිය ස්ථාන 89ක ප්‍රධාන මාර්ග සලකුණු අලුත් කිරීම දියත් කරයි

May 10, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, May 11
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»නැගෙනහිර පළාතේ ව්‍යවසායකයන් සංවර්ධනයට රුපියල් මිලියන 300 ක්
Sri Lankan news

නැගෙනහිර පළාතේ ව්‍යවසායකයන් සංවර්ධනයට රුපියල් මිලියන 300 ක්

kumudikaBy kumudikaFebruary 3, 2025No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

නිෂ්පාදන ආර්ථිකයක් බිහිකිරීමේ රජයේ සංකල්පයට අනුව ප්‍රාදේශීය සංවර්ධන බැංකුව (RDB) ක්‍රියාත්මක කරන, ජාතික ආර්ථිකයට නව ව්‍යවසායකයින් 15 000 ක් එක් කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කරන වැඩසටහනේ නැගෙනහිර පළාත් සමාරම්භක උත්සවය කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (30) මඩකලපුවේදී පැවැත්විණි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන බැංකුව වන ප්‍රාදේශීය සංවර්ධන බැංකුව ග්‍රාමීය ආර්ථිකය නගා සිටුවීම අරමුණු කරගනිමින් ක්ෂුද්‍ර හා සුළු පරිමාණ ව්‍යවසායකයින් බල ගැන්වීම සඳහා වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරනු ලබයි.

ග්‍රාමසේවා කොට්ඨාශ 14 022 ක් ආවරණය වන පරිදි සෑම ග්‍රාමසේවා කොට්ඨාසයකින්ම අවම වශයෙන් එක් ව්‍යවසායකයෙක් බැගින් නිර්මාණය කිරීම මෙම වැඩසටහනේ මූලික අරමුණ වන අතර ධීවර, කෘෂි, පශු සම්පත්, කර්මාන්ත වැනි විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරමින් කාන්තා සහ තරුණ නව ව්‍යවසායකයින් බිහිකිරීම මෙම වැඩසටහන මගින් බලාපොරොත්තු වේ.

මූල්‍ය ප්‍රතිපාදන ලබාදීමට අමතරව මූල්‍ය පාලනය හා විනය, නවීන තාක්ෂණික ක්‍රම, වෙළඳපළ අවස්ථා, පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම වැනි පහසුකම් ද ව්‍යවසායකයින් සඳහා මෙම වැඩසටහන මගින් ලබාදෙනු ලබයි. මෙම වැඩසටහන තුළින් නැගෙනහිර පළාතේ ග්‍රාම සේවා කොට්ඨාශ 150 ක් ආවරණය වන පරිදි රුපියල් මිලියන 300ක ණය ප්‍රදානයක් ලබා දෙන ලදී.

මෙහිදී අදහස් දක්වමින් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා, මෙම නව ව්‍යවසායකයින් හට භාණ්ඩ නිෂ්පාදනයේ සිට එම භාණ්ඩ අපනයනය කිරීම දක්වා අඛණ්ඩ සහාය ලබා දීමට කර්මාන්ත අමාත්‍යංශය සූදානම් බවත් ඒ සඳහා ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය (NEDA), කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB), ජාතික ශිල්ප සභාව, ජාතික මෝස්තර මධ්‍යස්ථානය, ලක්සල, කුඩා කර්මාන්ත සංවර්ධන දෙපාර්තමේන්තුව, අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) වැනි ආයතන රැසක් තම අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන බව පැවසීය.

මෙම අවස්ථාවට ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ සභාපති ලසන්ත ප්‍රනාන්දු, මඩකලපුව දිස්ත්‍රික් ලේකම් J.J. මුරලිදරන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, රාජ්‍ය නිලධාරීන්, ක්ෂුද්‍ර හා සුළු පරිමාණ කර්මාන්තකරුවන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous ArticleDubai Shopping Festival  වට්ටම් සඳහා අවසන් අවස්ථාව අද
Next Article අමු මිරිස්, නයි මිරිස් කිලෝව රුපියල්  1400- 1800 දක්වා ඉහල යයි
kumudika

Related Posts

ලංකාවෙන් දකුණු කොරියාවට මත්ස්‍ය අපනයනය සම්බන්ධ රැකියා පුළුල් කිරීමට සාකච්ඡා

May 10, 2025

නව පළාත් ආයතන වල නිල කාලය ජූනි 2 දා සිට ඇරඹෙයි

May 10, 2025

ඩුබායි ප්‍රවාහන අධිකාරිය ස්ථාන 89ක ප්‍රධාන මාර්ග සලකුණු අලුත් කිරීම දියත් කරයි

May 10, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.