Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ලංකාවෙන් දකුණු කොරියාවට මත්ස්‍ය අපනයනය සම්බන්ධ රැකියා පුළුල් කිරීමට සාකච්ඡා

May 10, 2025

නව පළාත් ආයතන වල නිල කාලය ජූනි 2 දා සිට ඇරඹෙයි

May 10, 2025

ඩුබායි ප්‍රවාහන අධිකාරිය ස්ථාන 89ක ප්‍රධාන මාර්ග සලකුණු අලුත් කිරීම දියත් කරයි

May 10, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, May 11
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»ලංකාවෙන් දකුණු කොරියාවට මත්ස්‍ය අපනයනය සම්බන්ධ රැකියා පුළුල් කිරීමට සාකච්ඡා
Sri Lankan news

ලංකාවෙන් දකුණු කොරියාවට මත්ස්‍ය අපනයනය සම්බන්ධ රැකියා පුළුල් කිරීමට සාකච්ඡා

kumudikaBy kumudikaMay 10, 2025No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ශ්‍රී ලංකාවෙන් දකුණු කොරියාවට මත්ස්‍ය අපනයනය සහ රැකියා අවස්ථා පුළුල් කිරීම පිළිබඳ සාකච්ඡාවක් ධීවර, ජලජ හා සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා සහ දකුණු කොරියානු ආයෝජකයින් පිරිසක් අතර සිදුවිය.

පසුගියදා එම අමාත්‍යංශ පරිශ්‍රයේදී පැවැති අදාළ සාකච්ඡාවේ දී ශ්‍රී ලංකාව සහ දකුණු කොරියාව අතර ධීවර හා ජලජ සම්පත් ක්ෂේත්‍රයේ සහයෝගීතාවය පුළුල් කිරීම ප්‍රධාන අරමුණ විය.

දිවයිනෙන් දකුණු කොරියාවට දැනට සිදු කෙරෙන මත්ස්‍ය අපනයනය පිළිබඳව එහිදී සාකච්ඡා කෙරුණු අතර, විශේෂයෙන්ම blast freeze කිරීම මඟින් (-20°C) ශීත කළ තත්ත්වයෙන් අපනයනය කරනු ලබන මසුන් සඳහා කොරියාවේ ඉහළ ඉල්ලුමක් පවතින බව පෙන්වා දෙන ලදී.

ඉදිරියේදී දේශීය මිල ගණන් ගැලපීමෙන් අනතුරුව, ලංකා ධීවර සංස්ථාව (CFC) සමඟ එක්ව මෙම අපනයන ක්‍රියාවලිය පුළුල් කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට අපේක්ෂා කෙරේ.

එමෙන්ම, දකුණු කොරියාවේ ධීවර කර්මාන්තයේ රැකියා සම්බන්ධයෙන් පවතින අභියෝග පිළිබඳව ද අවධානය යොමුව ඇත. දැනට E-9 වීසා යටතේ පිටත්ව යන බොහෝ දෙනා වෙරළබඩ ප්‍රජාවන්ට අයත් නොවීම හේතුවෙන්, ඔවුන් රැකියා අත්හැර නීති විරෝධී ලෙස රැඳී සිටීමේ ප්‍රවණතාවක් නිරීක්ෂණය වී ඇත. මෙම තත්ත්වය අවම කිරීම සහ ධීවර ක්ෂේත්‍රයට වඩාත් ගැළපෙන පුද්ගලයින් යොමු කිරීමේ අරමුණින්, ධීවර පවුල්වල තරුණ තරුණියන් සඳහා දකුණු කොරියාවේ ධීවර කර්මාන්තයේ ස්ථාවර රැකියා අවස්ථා උදාකර දීම පිළිබඳව පෞද්ගලික ආයෝජකයින් සමඟ පුළුල් ලෙස සාකච්ඡා කර තිබේ.

එසේම මෙම හමුවේදී නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා විසින් ලංකා ධීවර සංස්ථාවේ මෙහෙයුම් කටයුතු ශක්තිමත් කිරීම සඳහා ඉහළ තාක්ෂණය හා ධාරිතාවයකින් යුත් නෞකා කිහිපයක් ලබා දෙන ලෙස අදාළ කොරියානු ආයතනයෙන් ඉල්ලීමක් ද කළේය.

Sri Lanka World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleනව පළාත් ආයතන වල නිල කාලය ජූනි 2 දා සිට ඇරඹෙයි
kumudika

Related Posts

නව පළාත් ආයතන වල නිල කාලය ජූනි 2 දා සිට ඇරඹෙයි

May 10, 2025

පාස්පෝට් පෝලිම් යලිත් ඇරඹෙයි

May 10, 2025

එමිරේට්ස් ගුවන් සමාගමේ නවතම ගුවන් යානය A 350 ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි

May 10, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.