විදේශ ගමන් බලපත්‍ර විශ්ලේෂිත Henley & Partners විසින් නිකුත් කරන ලද 2025 ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රයට ලෝකයේ 91 වැනි ස්ථානය හිමිව තිබේ.
මෙය පසුගිය වසරේ පසු වූ 96 වැනි ස්ථානයේ සිට ස්ථාන 5ක් ඉදිරියට පැමිණීමකි. මේ අතර වීසා නොමැතිව ශ්‍රී ලාංකිකයන්ට ගමන් කළ හැකි රටවල් සංඛ්‍යාවද මේ වන විට 42 දක්වා ඉහළ ගොස් තිබේ. 91 වැනි ස්ථානයේ ශ්‍රී ලංකාවට අමතරව ඉරානය සහ සුඩානයද ලැයිස්තුගත වී ඇත.
මේ දර්ශකයේ ප්‍රථම ස්ථානයේ සිටින්නේ සිංගප්පූරුවයි. සිංගප්පූරු විදේශ ගමන් බලපත්‍ර හිමියන්ට ලොව ගමනාන්ත 193කට වීසා රහිත ඇතුළුවීමේ පහසුකම් හිමිව තිබේ. ජපානය සහ දකුණු කොරියාව මේ දර්ශකයේ දෙවැනි ස්ථානයේ පසු වන අතර ඩෙන්මාර්කය, ෆින්ලන්තය, ප්‍රංශය, ජර්මනිය, අයර්ලන්තය, ඉතාලිය සහ ස්පාඤ්ඤය තුන්වැනි ස්ථානයේ සිටියි.