විවාහ වීමේ ප්‍රවණතාව ගෙවුණු වසර 05 තුළ පහළ ගොස් තිබෙන බව ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව කළ සමීක්ෂණයේදී අනාවරණය වී තිබේ.
2018 වසරේ සිට විවාහ ලියාපදිංචි වීමේ ප්‍රවණතාව අඩුවීම පෙන්වා තිබෙන බව දෙපාර්තමේන්තුව නිකුත් කළ දත්ත වාර්තාවලට අනුව පැහැදිලි විය.
කෙසේ වෙතත් 2018 වසරේ සිට විවාහ එක්ලක්ෂ හැත්තෑ දහසකට අධික සංඛ්‍යාවක් ලියාපදිංචි වූ වසර 2022 බව පෙන්වා දී ඇති දෙපාර්තමේන්තුව ගතවූ වසර 23 ක කාලසීමාවේදී අඩුම විවාහ ලියාපදිංචිය 2020 වසරේදී සිදුව තිබෙන බව පවසයි. සිදුවූ විවාහ ලියාපදිංචි සංඛ්‍යාව 143061 කි.
පවතින ආර්ථික පීඩනය පසුගිය කාල වකවානුවේදී ලද අත්දැකීම්, පවුලේ ඇති වගකීම වැනි කරුණු හේතුවෙන් විවාහයක් සිදුකර ගැනීමට ඇති කැමැත්තෙන් තරුණ ප්‍රජාව බැහැර වෙමින් සිටින බව පාර්ශ්ව එක්ව සිදුකළ විමසීම්වලදී හෙළිවී තිබේ.
තරුණ ප්‍රජාව ඉලක්ක කර සිදුකළ සමීක්ෂණවලදී රැකියාවෙන් ලැබෙන වේතනය පවුලේ අවශ්‍යතාවන් සඳහා ප්‍රමාණවත් නොවන බැවින් විවාහවීම තවදුරටත් කල්දැමීමට සිදුවන බවත් විරැකියාව විවාහයක් සිදුකර ගැනීම දැඩි බලපෑමක් බැවින් වැළකී සිටින බවත් අනාවරණය විය.