Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

Mushrif National Park නව මවුන්ටන් පාපැදි ධාවන පථයක් සහ මධ්‍යස්ථානයක් එළිදක්වයි

May 8, 2025

මැතිවරණයට ඉදිරිපත් වූ දේශපාලන පක්ෂ වලට මැතිවරණ කොමිසමෙන් පණිවිඩයක්

May 8, 2025

විල්පත්තු අභය භූමියේ ඉදි කිරීමට සූදානම් වූ අධිවේගය අහෝසියි

May 8, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Thursday, May 8
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»ඇමරිකාවේ විශ්ව විද්‍යාල වල ඉගෙනුම ලබන ලාංකේය සිසුන්ට වැඩි අවස්ථා
Sri Lankan news

ඇමරිකාවේ විශ්ව විද්‍යාල වල ඉගෙනුම ලබන ලාංකේය සිසුන්ට වැඩි අවස්ථා

adminBy adminMarch 16, 2025No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ඇමරිකාවේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලැබීම සඳහා ශ්‍රී ලාංකික සිසු සිසුවියන්ට වැඩි අවස්ථාවක් ලබාදීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ජුලි චන්ග් මහත්මිය නිවේදනය කළාය.

ඒ අනුව ඇමරිකානු විශ්වවිද්‍යාල හා ඒවායේ පාඨමාලා පිළිබඳව ශ්‍රී ලාංකික සිසුන් දැනුවත් කිරීමේ ප්‍රදර්ශනයක් මෙම 20, 21 හා 22 යන දිනවල කොළඹ, ගාල්ල හා මාතර යන ප්‍රදේශවලදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ශ්‍රී ලංකා ෆුල්බ්‍රයිට් කොමිසම සමග එක්ව එක්සත් ජනපද උසස් අධ්‍යාපනය පිළිබඳ රජයේ නිල තොරතුරු මූලාශ්‍රය වන Education USA මෙම ප්‍රදර්ශනය සංවිධානය කරයි.

නොමිලයේ පැවැත්වන මෙම ප්‍රදර්ශනය සඳහා ලියාපදිංචි වීමට bit.ly/education USA road show 2025 යන වෙබ්අඩවියට පිවිසිය යුතුය. මෙම ප්‍රදර්ශනය සඳහා ප්‍රධාන පෙළේ ඇමරිකානු විශ්වවිද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතන 9ක නියෝජිතයෝ සහභාගි වෙති. මෙම ප්‍රදර්ශනය පිළිබඳව අදහස් දැක්වූ ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ජුලි චන්ග් මහත්මිය මෙසේ කීවාය.

අති නවීන පහසුකම්වලින් සමන්විත ඇමරිකානු විශ්වවිද්‍යාල ලොව සෙසු රටවල විශ්වවිද්‍යාල වලට වඩා අසමසම ආයතනයි. තාක්‍ෂණය, නවෝත්පාදනය හා පර්යේෂණ අතින් ලොවට නායකත්වය දෙන ඇමරිකානු විශ්විවිද්‍යාලවල අධ්‍යාපනය ලැබීමට පැමිණෙන ලෙස අපි ශ්‍රී ලංකාවේ සිසුන්ට ආරාධනා කරනවා. 2023-2024 අධ්‍යයන වර්ෂය සඳහා එක්සත් ජනපද විශ්වවිද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතනවලට ඇතුළත් වන සිසුන් සංඛ්‍යාව සියයට දහයකින් ඉහළ නැංවීම අපේ අරමුණයි.

මාර්තු මස 20වැනිදා කොළඹ කිංස්බරි හෝටලයේදී ද මාර්තු මස 21 වැනිදා ගාල්ල රැඩිසන් බ්ලූ හෝටලයේදී ද මාර්තු මස 22 වැනිදා මාතර රුහුණු විශ්වවිද්‍යාලයේදී ද මෙම ප්‍රදර්ශනය පැවැත්වීමට කටයුතු යොදා ඇත.

Featured Sri Lanka World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleදෛනික ආහාර මිල වැඩි කිරීම නිසා පාර්ලිමේන්තු භෝජනාගාරයේ ආහාර ගැනීම පහලට
Next Article එමීර් රාජ්‍ය Etihad-SAT සාර්ථකව කක්ෂයට දියත් කරයි
admin
  • Website

Related Posts

Mushrif National Park නව මවුන්ටන් පාපැදි ධාවන පථයක් සහ මධ්‍යස්ථානයක් එළිදක්වයි

May 8, 2025

මැතිවරණයට ඉදිරිපත් වූ දේශපාලන පක්ෂ වලට මැතිවරණ කොමිසමෙන් පණිවිඩයක්

May 8, 2025

විල්පත්තු අභය භූමියේ ඉදි කිරීමට සූදානම් වූ අධිවේගය අහෝසියි

May 8, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.