Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

නව පාප් වහන්සේ තෝරා පත් කරයි

May 8, 2025

Mushrif National Park නව මවුන්ටන් පාපැදි ධාවන පථයක් සහ මධ්‍යස්ථානයක් එළිදක්වයි

May 8, 2025

මැතිවරණයට ඉදිරිපත් වූ දේශපාලන පක්ෂ වලට මැතිවරණ කොමිසමෙන් පණිවිඩයක්

May 8, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Thursday, May 8
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»දෛනික ආහාර මිල වැඩි කිරීම නිසා පාර්ලිමේන්තු භෝජනාගාරයේ ආහාර ගැනීම පහලට
Sri Lankan news

දෛනික ආහාර මිල වැඩි කිරීම නිසා පාර්ලිමේන්තු භෝජනාගාරයේ ආහාර ගැනීම පහලට

adminBy adminMarch 16, 2025No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

දෛනික ආහාර මිල රුපියල් දෙදහසක් දක්වා වැඩි කිරීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්  පාර්ලිමේන්තු භෝජනාගාරයෙන් ආහාර ගැනීම යම් මට්ටමකට අඩු වී ඇතැයි වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු අප සමග පැවසුවේ විවිධ හේතු මත පාර්ලිමේන්තු භෝජනාගාරයෙන් තමන් කාලයක සිට ආහාර නොගන්නා බවයි.

එසේම සමහර මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු භෝජනාගාරයෙන් තේ එකක් හෝ කැඳ එකක්  පමණක් පානය කරන බව වාර්තා වේ.

විශේෂයෙන් කොළඹ සිටින මන්ත්‍රීවරු බොහෝ දෙනකු උදෑසන නිවෙස් වලින් ආහාර ගෙන පැමිණෙන අතර දවල් ආහාරය සඳහා නිවෙස්වලට යන බව පැවසේ. පාර්ලිමේන්තු ආපන ශාලාවේ  මන්ත්‍රීවරයකුගේ දිනක ආහාර වේල මුලින් පැවතියේ රුපියල් 450.00 ක් ලෙසය. (උදෑසන ආහාර රු.100.00, දිවා ආහාර රු.300.00 හා තේ පානය සමග කෙටි කෑම රු.50.00)

නව රජය බලයට පත්වීමෙන් පසු එම මුදල රුපියල් 2000 ක් දක්වා වැඩි කෙරිණි. ( උදෑසන ආහාර රු.600.00, දිවා ආහාර රු.1,200.00 හා තේ පානය සමග කෙටි කෑම රු.200.00)

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ ආහාර බිල වැඩි කළද ඉන් ආවරණය කෙරෙන්නේ ඒ අමුද්‍රව්‍ය සඳහා යන වියදම පමණක් බව පාර්ලිමේන්තුවේ භෝජනාගාර අංශය පවසයි.

සේවා පිරිවැය ඊට ඇතුළත් නොවෙන හෙයින්  මන්ත්‍රීවරුන්ට දෙන කෑම වේලෙන් තවමත් පාඩුවක් ඇති බව එම අංශ ආරංචි මාර්ග සඳහන් කළේය.
මේ අතර පාර්ලිමේන්තුවේ ආහාර නාස්තිය හැකි උපරිමයෙන් වළක්වන ලෙස කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා නිලධාරීන්ට පසුගියදා උපදෙස් දුන්නේය.

පාර්ලිමේන්තුවේ මුළුතැන්ගේ ඇතුළු ගොඩනැගිලි කීපයක් පරීක්ෂා කිරීමෙන් අනතුරුව කතානායකවරයා මෙම උපදෙස්දී ඇත. පාර්ලිමේන්තු මුළුතැන්ගේ යම් සැලකිය යුතු ආහාර නාස්තියක් සිදුවන බව කාලයක සිටම පෙනී ගොස් ඇති කාරණයකි.

එසේම පාර්ලිමේන්තුවට කිතුල් හකුරු, කිතුල් පැනි රස කැවිලි පලතුරු එළවළු ඇතුළු ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා නව සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීමට පාර්ලිමේන්තු මහ ලේකම්වරිය තීරණය කර ඇත.

පාර්ලිමේන්තුවට ආහාරපාන මිලදී ගැනීම සඳහා 2023 වර්ෂයේදී රුපියල් විසිතුන් කෝටි දෙලක්ෂ හැටහත්දහස් අටසීයයි ශත අනූහතක මුදලක් (230,267,800.97) වැය කර තිබුණි.

පානීය ජල බෝතල් මිලදී ගැනීම සඳහා එම වර්ෂයේ දී වැය කෙරුණු මුදල රුපියල් විසි පන්ලක්ෂ හැත්තෑතුන් දහස් විසිපහකි. පාර්ලිමේන්තුවේ ආහාර පාලන හා ගෘහ පාලන දෙපාර්තමේන්තුව 2023  වර්ෂයේදී  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සියයට 91කට සහ මන්ත්‍රිවරුන්ගේ අමුත්තන්ට හා කාර්යමණ්ඩලයේ 3,71,192 දෙනකුට භෝජනාගාර පහසුකම් සපයා තිබු බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ එම වර්ෂයට අදාළ කාර්ය සාධන වාර්තාවේ සඳහන් වේ.

Colombo Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleකැනඩාවේ අධිකරණ අමාත්‍ය ධූරය ලාංකේය සම්භවයක් ඇති අයෙකුට
Next Article ඇමරිකාවේ විශ්ව විද්‍යාල වල ඉගෙනුම ලබන ලාංකේය සිසුන්ට වැඩි අවස්ථා
admin
  • Website

Related Posts

නව පාප් වහන්සේ තෝරා පත් කරයි

May 8, 2025

Mushrif National Park නව මවුන්ටන් පාපැදි ධාවන පථයක් සහ මධ්‍යස්ථානයක් එළිදක්වයි

May 8, 2025

මැතිවරණයට ඉදිරිපත් වූ දේශපාලන පක්ෂ වලට මැතිවරණ කොමිසමෙන් පණිවිඩයක්

May 8, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.