Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ජනපති අද යුධ ජයග්‍රහණ සැමරුමට එක් වෙයි

May 19, 2025

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»මියන්මාරයට මානුෂීය ආධාර දෙන්න ශ්‍රී ලංකාවෙන් සැලසුම්
Sri Lankan news

මියන්මාරයට මානුෂීය ආධාර දෙන්න ශ්‍රී ලංකාවෙන් සැලසුම්

adminBy adminApril 1, 2025No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

පසුගිය මාර්තු 28 වන දින මියන්මාරයේ ඇති වූ ප්‍රබල භූමිකම්පාව හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 1,700 දෙනෙකු පමණ මියගොස් ඇති අතර තවත් සිය ගණනක් අතුරුදන් වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. එසේම ගොඩනැගිලි සුන්බුන් අතර සිරවී සිටින පුද්ගලයින් මුදා ගැනීමේ කටයුතු තවදුරටත් සිදු කරමින් පවතී.

එරට මැන්ඩලේ, නේපිඩෝ සහ භුමිකම්පා කේන්ද්‍රය ආසන්න ප්‍රදේශවලට මෙම භුමිකම්පා තත්ත්වය හේතුවෙන් දැඩි ලෙස බලපෑම් එල්ල වී ඇති අතර පීඩාවට පත් ජනාතව මුදවා ගැනීම සහ සහන සැලසීම් කඩිනම් කිරීම සඳහා මියන්මාර් රජයට කලාපීය වශයෙන් ලබාදිය යුතු මානුෂීය ආධාර අවශ්‍යතා පවතී.

කලාපීය රටක් වන මියන්මාරය සහ ශ්‍රී ලංකාව අතර ඓතිහාසික වශයෙන් ආගමික සහ සමාජ ආර්ථික වශයෙන් වසර ගණනාවක් ඉපැරණි ඉතා සමීප සම්බන්ධතාවයක් පවති. දෙරට අතර පවතින සමීප සම්බන්ධතාව සහ මියන්මාර් රාජ්‍යයට මානුෂිය ආධාර අවශ්‍යතාව සැළකිල්ලට භාජනය කරමින් පීඩාවට පත් ජනතාවට‍ අවශ්‍ය මානුෂීය ආධාර සහ හදිසි ප්‍රතිචාර දැක්වීමේ කණ්ඩායම් ලබාදීම සම්බන්ධව රජයේ අවධානය යොමු වී ඇත.

ඒ අනුව පීඩාවට පත් ජනතාවට‍ අවශ්‍ය මානුෂීය ආධාර සහ සෙවීම් මුදවාගැනීම් කණ්ඩායම් ලබාදීම සම්බන්ධීකරණ කිරීම සඳහා අවශ්‍ය මුලික සාකච්ඡාවක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනෙරාල්ගේ ප්‍රධානත්වයෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි.

ආරක්ෂක අමාත්‍යාංශය, විදේශ අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය, ශ්‍රී ලංකා යුධ හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව, පොලීසිය, අනෙකුත් පාර්ශවකාර රාජ්‍ය ආයතන නියෝජිතයින්, එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන සහ දේශීය ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයින් ඇතුලු නිලධාරීන් පිරිසක් මේ අවස්ථාවට සම්බන්ධ වූ අතර පීඩාවට පත් වු ප්‍රදේශවල ජනතාවගේ අවශ්‍යතා අනුව පවතින තත්ත්වය පිළිබඳ සැලකිල්ලට භාජනය කරමින් ක්ෂණිකව අවශ්‍ය මානුෂීය ආධාර ලබාදීම සඳහා වන සම්බන්ධීකරණ යාන්ත්‍රණයක් සැකසීම සහ කඩිනමින් හදිසි ප්‍රතිචාර දැක්වීමේ කණ්ඩායම් මියන්මාරය බලා පිටත් කර හැරීමට අවශ්‍ය පියවර ගැනීමට මෙම සාකච්ඡාවේදී තිරණය කරන ලදී.

Asia Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඩුබායි ජාත්‍යන්තර ගුවන් තොටුපළ ඊද් වෙනුවෙන් මගීන් මිලියන 3.6 ක් පිළිගැනීමට සූදානම්
Next Article අද සිට බිත්තර වලට VAT වදී
admin
  • Website

Related Posts

ජනපති අද යුධ ජයග්‍රහණ සැමරුමට එක් වෙයි

May 19, 2025

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.