Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඩුබායි මෙට්‍රෝව Eid Al Adha වෙනුවෙන් DXB වෙත සංචාරය පුළුල් සේවාවක් සමඟින් කාර්යක්ෂම මගී ප්‍රවාහනයක් වැඩි දියුණු කරයි

June 8, 2025

මෙම ගිම්හානයේදී RTA ඩුබායි පුරා ස්ථාන 40 ක රථවාහන වැඩිදියුණු කිරීම් දියත් කරයි

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට, ඖෂධ වර්ග කීපයක් අත්බෑගයේ රැගෙන යාම තහනම් කරයි

June 8, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, June 9
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»පලාලි පේදුරුතුඩුව මාර්ගය වසර 34 කට පසු යලි විවෘත කෙරේ
Sri Lankan news

පලාලි පේදුරුතුඩුව මාර්ගය වසර 34 කට පසු යලි විවෘත කෙරේ

adminBy adminApril 10, 2025No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

අධි ආරක්ෂිත කලාපයක් වශයෙන් නම් කොට තිබූ පලාලි පේදුරුතුඩුව මංසන්ධිය දක්වා වූ මාර්ගය වසර 34 කට පසුව අද (10) දින සාමාන්‍ය ජනතාවගේ ගමනගමනය වෙනුවෙන් විවෘත කිරීමට යුද හමුදාව විසින් පියවර ගෙන තිබුණි.

මේ අනුව යාපනය පලාලි ප්‍රධාන මාර්ගයේ පිහිටි වාසවිලාන් මංසන්ධියේ සිට පේදුරුතුඩුව පොන්නාලෙයි මංසන්ධිය දක්වා ඇති කිලෝ මීටර් දෙකහමාරක දුර මාර්ගය අද උදෑසන සිට මහජනතාවට ගමනාගමනය සඳහා විවෘත කිරීමට පලාලි යුදහමුදා කඳවුර විසින් පියවර ගෙන තිබුණි.

මෙම මාර්ගය පලාලි යුදහමුදා කඳවුරේ ඇති අධිආරක්ෂිත කලාපය හරහා ජනතාව ගමන් කරන අතර මාර්ගය විවෘතව තැබීමෙන් ජනතාවගේ ගමනාගමන කටයුතු ඉතා පහසු වෙයි.

කෙසේ වෙතත් විවෘත කරන ලද මාර්ගයේ ගමන් කරන මගීන්ට පිලිපැදිය යුතු කොන්දේසි 07ක් පමණ යුද හමුදාව විසින් දැනුම් දී ඇත. ඒ අනුව,

මාර්ගය විවෘතව පවතින්නේ උදෑසන 6 සිට සවස 5 දක්වා කාලය අතර වේ. විවෘත කරන මාර්ගය අතරමග වාහන නවතා තැබීම තහනම් කිරීම, මාර්ගයේ ගමන්කරන අතරතුර මගදෙපස ඡායාරූප වීඩියෝ ගැනීම තහනම් කිරීම, අදාල මාර්ගය දෙපස ඇවිදීම තහනම් කිරීම, මගී ගමනාගමනය හැර වෙනත් කටයුතු සඳහා මාර්ගය භාවිතා නොකිරීම, මාර්ගයේ ගමන් කරන වාහන වල උපරිම වේගය පැයට කිලෝමීටර් 40 ක වේගයෙන් ගමන් කිරීම, මාර්ගයේ ගමන්කරන අයගේ අනන්‍යතාවය ආරක්ෂක අංශ දැනුවත් කිරීම යනාදි කරුණුය.

අද දින මාර්ගය විවෘත කිරීමත් සමග ජනතාව ඉතා සතුටින් යුතුව මාර්ගය භාවිතා කරමින් මාර්ගයේ ගමනාගමනය සිදුකල අතර ඔවුන් වැඩි දුරටත් පවසා සිටියේ අධිආරක්ෂිත කලාපයන්ට අයත් සෙසු භූමිද මෙලෙසින් නිදහස් කිරීමට ආරක්ෂක අංශ ඇතුලු රජයේ අවධානය යොමු කරන ලෙසටය.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleට්‍රම්ප්ගේ තීරු බද්ද නිසා Apple දුරකථන මිල තුන් ගුණයකින් ඉහලට
Next Article ඩුබායි සහ අබුඩාබි 2025 IMD දර්ශකයේ ගෝලීය වශයෙන් හොඳම ස්මාර්ට් නගර 5 ට ශ්‍රේණිගත වෙයි
admin
  • Website

Related Posts

ඩුබායි මෙට්‍රෝව Eid Al Adha වෙනුවෙන් DXB වෙත සංචාරය පුළුල් සේවාවක් සමඟින් කාර්යක්ෂම මගී ප්‍රවාහනයක් වැඩි දියුණු කරයි

June 8, 2025

මෙම ගිම්හානයේදී RTA ඩුබායි පුරා ස්ථාන 40 ක රථවාහන වැඩිදියුණු කිරීම් දියත් කරයි

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට, ඖෂධ වර්ග කීපයක් අත්බෑගයේ රැගෙන යාම තහනම් කරයි

June 8, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.