Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට ඊද් සුබ පැතුම් මුද්දරයක්

June 7, 2025

කොරෝනා එන්නත්කරණය යලි අරඹන්න ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් උපදෙස්

June 7, 2025

මහ බැංකුවේ නිල සංචිත පහලට

June 7, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, June 8
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»තීරු බදු පිළිබඳ අවධානය යොමු නොකලොත් ආර්ථිකය අවදානමේ – ශ්‍රී ලංකා මහ බැංකුව කියයි
Sri Lankan news

තීරු බදු පිළිබඳ අවධානය යොමු නොකලොත් ආර්ථිකය අවදානමේ – ශ්‍රී ලංකා මහ බැංකුව කියයි

adminBy adminApril 13, 2025No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ශ්‍රී ලංකාව විසින් විදේශීය වෙළෙඳපොළට යවන භාණ්ඩ සඳහා පනවා ඇති සහ දිවයිනේ භාණ්ඩ සඳහා එම රටවල් පනවා ඇති තීරු බදු අනුපාතයන් නැවත සලකා බැලීම අත්‍යවශ්‍ය බවට ශ්‍රී ලංකා මහ බැංකුව රජයට නිර්දේශ කර ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම ආර්ථික විවරණ වාර්තාව (2024) මගින් මේ බවට නිර්දේශ කර තිබේ. ඇමෙරිකාව විසින් ශ්‍රී ලංකාවේ අපනයන සඳහා පනවන ඕනෑම තීරු බද්දකින් රටේ අපනයන අංශයට විශාල බලපෑමක් ඇති කළ හැකි බවත් ඒ නිසා ඉක්මනින් මැදිහත් වීම සඳහා අවදානම් තත්ත්වයන් සලකා බැලිය යුතු බවත් ශ්‍රී ලංකා මහ බැංකුව කියයි.

විශේෂයෙන් අන්‍යොන්‍ය තීරු බදු (රටවල් අතර ක්‍රියාත්මක තීරු බදු) පිළිබඳව සලකා බලා තීරු බදු ව්‍යුහයන් නැවත සමාලෝචනය කිරීම අත්‍යවශ්‍ය බවද මහ බැංකුව කියයි.

ඇමෙරිකානු රජයේ තීරු බදු වෙනස්කම්වලින් ශ්‍රී ලංකාවේ අනෙකුත් වෙළෙඳ හවුල්කාර රටවලටද ඇති විය හැකි බලපෑම නිසාද ශ්‍රී ලංකාවේ අපනයනයට අහිතකර බලපෑම් ඇති විය හැකි බවද මහ බැංකුව එම වාර්තාව මගින් පෙන්වා දී ඇත.

ඇමෙරිකානු රජයේ තීරු බදු ප්‍රතිපත්ති වෙනස්කම් නිසා ලෝක ආර්ථිකයේ ඇතිවිය හැකි පසුබෑම නිසා ශ්‍රී ලංකාවට ලැබෙන විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණවලට ද බලපෑම් ඇති විය හැකි බවත් පෙන්වා දෙන එම වාර්තාව තවදුරටත් අවධාරණය කරන්නේ පවතින අවිනිශ්චිත ලෝක පරිසරය නිසා නිදහස් වෙළෙඳ ගිවිසුම් සක්‍රියව ක්‍රියාත්මක කිරීම සහ භාණ්ඩ වෙළෙඳාම විතැන්වීමේ (වෙනස්වීමේ) අවස්ථා ශ්‍රී ලංකාවට වාසිදායක ලෙස යොදා ගැනීම ප්‍රතිපත්තිමය සූදානම ඉහළ නැංවීම අත්‍යවශ්‍ය බවයි.

Featured Sri Lanka World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඉන්දියාව ශ්‍රී ලංකාවට ලබා දෙන හමුදා පුහුණුව දෙගුණයකින් වැඩි කරයි
Next Article එමීර් රාජ්‍යය ලොව විශාලතම Transparent තිරය සමඟ ගිනස් ලෝක වාර්තාව පිහිටුවයි
admin
  • Website

Related Posts

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට ඊද් සුබ පැතුම් මුද්දරයක්

June 7, 2025

කොරෝනා එන්නත්කරණය යලි අරඹන්න ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් උපදෙස්

June 7, 2025

මහ බැංකුවේ නිල සංචිත පහලට

June 7, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.