Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

රේගු පරික්ෂාවෙන් තොරව බහාලුම් 323 ක් පිට කිරීමට සම්බන්ධ නිලධාරීන් පිරිසක් රටින් පලායාමට සැරසෙයි

June 9, 2025

2025 වසරේ ඉලක්කගත සුරාබදු ආදායමෙන් රුපියල් බිලියන 98 ක මුදලක් උපයා ගැනේ

June 9, 2025

Dubai South විසින් ‘South Square’ අරඹයි

June 9, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Tuesday, June 10
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»මූල්‍ය අක්‍රමිකතා වලට සම්බන්ධ රාජ්‍ය නිලධාරීන්ගෙන් අධිභාර අය කරන්න – IMF නියෝගයක්
Sri Lankan news

මූල්‍ය අක්‍රමිකතා වලට සම්බන්ධ රාජ්‍ය නිලධාරීන්ගෙන් අධිභාර අය කරන්න – IMF නියෝගයක්

adminBy adminApril 16, 2025No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

මූල්‍ය අක්‍රමිකතාවන්ට සම්බන්ධ වන රජයේ නිලධාරීන්ගෙන් අධිභාර අය කිරීමේ ක්‍රියාවලිය ලබන ජුනි මස 30 වැනිදාට පෙර ස්ථාපිත කළ යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රජයට දැනුම් දී තිබේ. මෙම ක්‍රියාවලිය ස්ථාපිත කිරීම එම අරමුදලේ ප්‍රබල කොන්දේසියකි.

කලින් යෝජනා වූයේ විගණකාධිපතිවරයාගේ නිර්දේශය මත නීතිපතිවරයා විසින් අධිභාර අය කිරීම සඳහා පියවර ගනු ලැබීමටය. එහෙත් මේ වනවිට එම තත්ත්වය වෙනස් වී යෝජනා වී ඇත්තේ විගණකාධිපතිවරයාගේ නිර්දේශය ව්‍යවස්ථාදායක සභාවෙන් පත්කරන ස්වාධීන කමිටුවකට ඉදිරිපත් කර අවශ්‍ය පියවර ගැනීමටය.

ජාතික විගණන කාර්යාල නියෝජනයකින් තොර මෙම ස්වාධීන කමිටුවේ ප්‍රධානත්වයට විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරයකු පත් කිරීමට නියමිතය. රාජ්‍ය මූල්‍ය ක්ෂේත්‍රයේ විශ්‍රාමික නිලධාරියෙක්, වරලත් ගණකාධිකාරී ආයතනයේ නිලධාරියෙක් ඇතුළු පස් දෙනකුගෙන් කමිටුව සමන්විත විය යුතු බවට යෝජනා කර ඇත.

අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, සංස්ථා, මණ්ඩල හා රජය සතු සමාගම්වල නිලධාරීන්ට මෙම ක්‍රියාවලිය අදාළ වෙයි. දැනට පවතින නීතිමය තත්ත්වයන් යටතේ අධිභාර අය කිරීම සඳහා විගණකාධිපතිවරයාට නිර්දේශ කළ හැක්කේ පළාත් පාලන ආයතන, විශ්වවිද්‍යාල ඇතුළු සීමිත ආයතන ප්‍රමාණයකට අදාළව පමණි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් මෙරටට පැමිණි හැම අවස්ථාවකදීම මේ සම්බන්ධයෙන් හිටපු විගණකාධිපති චුලන්ත වික්‍රමරත්න පෞද්ගලිකව හමුවී සාකච්ඡාද පවත්වා තිබිණි. එහිදී ඔවුන් අවධාරණය කර තිබුණේ ණය ලබාදීමට ප්‍රථම දූෂණයෙන්​ ​තොර ක්‍රියාවලියක් ඇති කළ යුතුය යන්නය.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleප්‍රථම වරට ලංකාවේ ඛනිජ තෙල් ආදායම ඩොලර් බිලියනය ඉක්මවයි
Next Article අලි සංචරණ මාර්ග ගැසට් කෙරේ
admin
  • Website

Related Posts

රේගු පරික්ෂාවෙන් තොරව බහාලුම් 323 ක් පිට කිරීමට සම්බන්ධ නිලධාරීන් පිරිසක් රටින් පලායාමට සැරසෙයි

June 9, 2025

2025 වසරේ ඉලක්කගත සුරාබදු ආදායමෙන් රුපියල් බිලියන 98 ක මුදලක් උපයා ගැනේ

June 9, 2025

Dubai South විසින් ‘South Square’ අරඹයි

June 9, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.