Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිලය හා ශ්‍රී ලංකා රබර් සහ ටයර් නියෝජිත පිරිස අතර ව්‍යාපාරික හමුවක් ඩුබායි හිදී

June 17, 2025

ජනාධිපති හිමිකම් පනත හා පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් පනත සංශෝධනයට කැබිනට් අනුමැතිය

June 17, 2025

එමීර් රාජ්‍යයට දුම්කොළ රහිත නිකොටින් බෑග් හඳුන්වා දෙයි

June 17, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Tuesday, June 17
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»දළදා දැක්ම අද සිට
Sri Lankan news

දළදා දැක්ම අද සිට

adminBy adminApril 18, 2025No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

සිරි දළදා වහන්සේ සියැසින් දැක වන්දනා කිරීමේ මහඟු අවස්ථාව අද (18) සිට පුරා දින දහයක් පුරාවට ජනතාවට අවස්ථාව හිමි වේ. දළදා මාලිගාවේ සහ බැතිමතුන්ගේ ආරක්ෂාව, බැතිමතුන් සඳහා අවශ්‍ය ප්‍රවාහන හා සනීපාරක්ෂක පහසුකම් ඇතුළු සියලු අංශ කෙරෙහි අවධානය යොමුකර රජය සහ ශ්‍රී දළදා මාලිගාව ඒකාබද්ධව අදාළ වැඩපිළිවෙළ ක්‍රියාවට නංවා ඇත.

දළදා වහන්සේගේ පැවිදි භාරකාරත්වය හොබවන මල්වතු, අස්ගිරි උභය මහා විහාරයීය මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම හා ගිහි භාරකාරත්වය හොබවන දියවඩන නිලමේවරයා දළදා වහන්සේ වැඩ සිටින කුටියෙන් පිරිත් මණ්ඩපය වෙත වැඩම කරවීම අද (18) දහවල් සිදු කිරීමට නියමිතය. මෙහි සමාරම්භක අවස්ථාවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද සහභාගි වීමට නියමිතය.

විදේශ රටවල රාජ්‍ය තාන්ත්‍රිකයන් රැසක් ද එක් වීමට අපේක්ෂා කරන අතර ඔවුන් කොළඹ සිට විශේෂ දුම්රියකින් කැටුව යෑමට කටයුතු සූදානම් කර තිබේ.

ආරම්භක දිනය වන අද (18) දින ප.ව 3.00 සිට ප.ව 5.00 දක්වා සැදැහැවතුන්ට දළදා සමිඳුන් වැඳ පුදාගැනීමට අවස්ථාව සලසාදි තිබෙන අතර හෙට (19) සිට දිනපතා දහවල් 12.00 සිට ප.ව 5.00 දක්වා එම අවස්ථාව උදා වනු ඇත.

කරඬු හතක් තුළ තැන්පත් කර තිබෙන ශ්‍රී දළදා වහන්සේ අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ විසින් පිටතට වැඩමකර මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියන් වෙත භාර දෙනු ලබයි. අනතුරුව උන්වහන්සේ වජ්‍රමය කරඬුවක දළදා වහන්සේ තැන්පත් කිරීමෙන් පසු දියවඩන නිලමේවරයා දළදා වහන්සේ පිරිත් මණ්ඩපය වෙත වැඩම කරවන බවත් අස්ගිරි පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරි පූජ්‍ය නාරංපනාවේ ආනන්ද නාහිමියෝ පැවසූහ.

මෙයට පෙර තත්ත්පරයකට තිදෙනකුට දළදා වහන්සේ වන්දනා කිරීමට අවස්ථාව ලබාදිය හැකි බවට ගණන් බලා තිබුණ ද මල්වතු අස්ගිරි උභය මහා විහාරයීය මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ අවවාද අනුශාසන මත දියවඩන නිලමේවරයාගේ මැදිහත් වීමෙන් වැඩි පිරිසකට දළදා වහන්සේ වන්දනා කිරීමට අවශ්‍ය පසුබිම නිර්මාණයකර දී තිබෙන බවත් ඒ අනුව තත්ත්පරයකට 8 – 10ත් පිරිසකට දළදා වහන්සේ දැක වැඳපුදා ගැනීමට අවස්ථාව හිමිවනු ඇතැයි අනුමාන කරන බවත් මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පති සුදත් මාසිංහගේ මහතා කීය.

එසේ වුවහොත් අවම තරමින් ලක්ෂ 15 – 20 අතර පිරිසකට දළදා වහන්සේ වන්දනා කරගැනීමට හැකියාව ලැබෙනු ඇතැයි පොලීසිය අනුමාන කරයි.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleමිනිස් ජනාවාසයට සුදුසු නව ග්‍රහලොවක් ගැන විද්‍යඥයින්ගෙන් සොයා ගැනීමක්
Next Article IPL සඳහා දසුන් ශානකට හදිසි කැඳවීමක්
admin
  • Website

Related Posts

එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිලය හා ශ්‍රී ලංකා රබර් සහ ටයර් නියෝජිත පිරිස අතර ව්‍යාපාරික හමුවක් ඩුබායි හිදී

June 17, 2025

ජනාධිපති හිමිකම් පනත හා පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් පනත සංශෝධනයට කැබිනට් අනුමැතිය

June 17, 2025

එමීර් රාජ්‍යයට දුම්කොළ රහිත නිකොටින් බෑග් හඳුන්වා දෙයි

June 17, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.