Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ලෙබනනයේ සිටින ලාංකිකයන්ට තානාපති කාර්යාලයෙන් නිවේදනයක්

June 17, 2025

ඊශ්‍රායල් ප්‍රහාර වලින් ඉරාන බුද්ධි සේවා ප්‍රධානි මරුට

June 17, 2025

ඊශ්‍රායල් රැකියා සඳහා ලාංකිකයන් පිටත් කිරීම තාවකාලිකව අත්හිටුවයි

June 16, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Tuesday, June 17
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»ඉතිහාසයේ ප්‍රථම වරට විභාග කොමසාරිස් ධූරයට කාන්තාවක්
Sri Lankan news

ඉතිහාසයේ ප්‍රථම වරට විභාග කොමසාරිස් ධූරයට කාන්තාවක්

kumudikaBy kumudikaApril 30, 2025No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

නව විභාග කොමසාරිස් ජනරාල්වරිය ලෙස ඉන්දිකා ලියනගේ පත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ. විභාග කොමසාරිස් ජනරාල් තනතුර සඳහා කාන්තාවක් පත් කෙරෙන ඉතිහාසයේ ප්‍රථම අවස්ථාව මෙය වේ.

ප්‍රථම විභාග කොමසාරිස් ජනරාල්වරිය ලෙස ඉතිහාසයට එක් වන ඉන්දිකා ලියනගේ අධ්‍යාපන පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනියකි. මෙම තනතුර විශේෂ ශ්‍රේණියේ තනතුරක් වන අතර දෙපාර්තමේන්තුවේ එම ශ්‍රේණිය දරන එකම තැනැත්තිය ද ඇය වේ. පාසල් විභාග රහස්‍ය අංශය භාරව කටයුතු කරන ඉන්දිකා ලියනගේ මහත්මිය දෙපාර්තමේන්තුවට පැමිණීමට පෙර කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයේ සේවය කළා ය.

මෙම තනතුර සඳහා තුන් කොන් සටනක් පැවැතිණි. කොළඹ රාජකීය විදුහලේ විදුහල්පතිවරයාව සිට දෙපාර්තමේන්තුවට පැමිණි තිලක් වත්තුහේවා සහ දෙපාර්තමේන්තුවේ විසි වසරක පමණ සේවා කාලයක් සහිත නිලධාරිනියක් ද ඒ අතර වූහ. එම දෙදෙනා අධ්‍යාපන පරිපාලන සේවයේ පළමු ශ්‍රේණියේ වුවත් තනතුරට අදාළ විශේෂ ශ්‍රේණිය නොමැති වීම නුසුදුසු වීමට හේතු වී ඇත.

කෙසේ වුව ද නියමිතව ඇති නව පත් කිරීමට අදාළව දෙපාර්තමේන්තුවේ දස වසරකට වැඩි සහ දස වසරකට අඩු වශයෙන් නිලධාරීහු කොටස් දෙකකට බෙදී සිටින බව එහි ආරංචි මාර්ග කීවේය. දස වසරකට අඩු පිරිස ඉන්දිකා ලියනගේ පත් කරන ලෙස ඉල්ලා අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය වෙත ලිපියක් භාර දී තිබේ. දස වසරකට වැඩි සේවා කාලයක් සහිත පිරිස ජනාධිපති අනුර කුමාර දිසානායක හමු වී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අවස්ථාවක් ඉල්ලා ඇත.

කවුරු ඉල්ලා සිටියත් නැතත් තනතුර සඳහා පත් කෙරෙන්නේ ඒ සඳහා සුදුසුකම් සපුරා ඇති පුද්ගලයා බවත් කෙරෙන ඉල්ලීම් අනුව තනතුරුවලට පත් කිරීම් වත්මන් ආණ්ඩුව යටතේ සිදු නොවන බවත් මේ සම්බන්ධයෙන් කම්කරු නියෝජ්‍ය ඇමැති මහින්ද ජයසිංහ මහතා සඳහන් කළේය.

වත්මන් විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා මැයි මස 6 වැනිදා විශ්‍රාම යාමට නියමිතය.

Colombo Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleප්‍රවාහන අධිකාරිය නව ඩුබායි-සාජා නගරාන්තර බස් සේවාවක් දියත් කරයි
Next Article හිටපු ජනාධිපතිවරුන් භාවිත කල අතිරේක වාහන රජයට බාර දෙති
kumudika

Related Posts

ලෙබනනයේ සිටින ලාංකිකයන්ට තානාපති කාර්යාලයෙන් නිවේදනයක්

June 17, 2025

ඊශ්‍රායල් ප්‍රහාර වලින් ඉරාන බුද්ධි සේවා ප්‍රධානි මරුට

June 17, 2025

ඊශ්‍රායල් රැකියා සඳහා ලාංකිකයන් පිටත් කිරීම තාවකාලිකව අත්හිටුවයි

June 16, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.