Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ලෙබනනයේ සිටින ලාංකිකයන්ට තානාපති කාර්යාලයෙන් නිවේදනයක්

June 17, 2025

ඊශ්‍රායල් ප්‍රහාර වලින් ඉරාන බුද්ධි සේවා ප්‍රධානි මරුට

June 17, 2025

ඊශ්‍රායල් රැකියා සඳහා ලාංකිකයන් පිටත් කිරීම තාවකාලිකව අත්හිටුවයි

June 16, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Tuesday, June 17
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»හිටපු ජනාධිපතිවරුන් භාවිත කල අතිරේක වාහන රජයට බාර දෙති
Sri Lankan news

හිටපු ජනාධිපතිවරුන් භාවිත කල අතිරේක වාහන රජයට බාර දෙති

kumudikaBy kumudikaApril 30, 2025No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

හිටපු ජනාධිපතිවරුන් පස්දෙනාගෙන් සිව් දෙනකු ඔවුන් පාවිච්චි කළ වැඩිපුර වාහනය මේ වන විට ජනාධිපති කාර්යාලයට බාරදී ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය හැර අනෙක් හිටපු ජනාධිපතිවරුන් මෙලෙස තම වැඩිපුර වාහනය ජනාධිපති කාර්යාලයට බාරදී තිබෙන බව ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.

හිටපු ජනාධිපතිවරුන්ට ජනාධිපති කාර්යාලයෙන් ලබා දී තිබෙන වාහන තුනෙන් එකක් නැවත බාර දෙන ලෙස ජනාධිපති ලේකම් ආචාර්ය සනත් නන්දිත කුමානායක මහතා හිටපු ජනපතිවරුන් වෙත කළ ලිඛිත දැනුම් දීමට අනුව මෙම වාහන බාරදී තිබේ.

ජනාධිපති ලේකම්වරයා අප්‍රේල් 19 දින නිකුත් කළ අදාළ ලිපියෙන් දැනුම් දී තිබුනේ අප්‍රේල් 23 වැනිදාට පෙර අදාළ වාහනය ජනාධිපති කාර්යාලයට බාර දෙන ලෙසය.

හිටපු ජනාධිපතිවරුන් වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන,ගෝඨාභය රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ මහත්වරුන් වෙත ජනාධිපති ලේකම්වරයා මෙම දැනුම් දීම කර තිබිණි.

මහින්ද රාජපක්ෂ මහතා භාවිත කළ ලෑන්ඩ් කෘෂර් V8 රථය ඉකුත් 28 වැනිදා ද ,මෛත්‍රීපාල සිරිසේන මහතා පාවිච්චි කළ ලෙක්සස් ඩිපෙන්ඩර් රථය ඉකුත් 24 වැනිදා ද,ගෝඨාභය රාජපක්ෂ මහතා පාවිච්චි කළ ලෑන්ඩ් රෝවර් ජීප් රථය ඉකුත් 23 වැනිදා ද , රනිල් වික්‍රමසිංහ මහතා පාවිච්චි කළ ලෑන්ඩ් කෘෂර් ප්‍රාඩෝ රථය 28 වැනිදා ද ජනාධිපති කාර්යාලයට බාර දී තිබෙන බව වාර්තා වේ.

කැබිනට් අමාත්‍යවරයකුට පාවිච්චි කළ හැකි රජයේ වාහන සංඛ්‍යාව දෙකකට සීමා කරමින් ජනාධිපති ලේකම්වරයා විසින් මීට පෙර චක්‍රලේඛයක් නිකුත් කෙරුණු අතර හිටපු ජනාධිපතිවරුන්ටද හිමිවන්නේ කැබිනට් අමාත්‍යවරයකුට හිමි වරප්‍රසාද පමණක් වන බැවින් හිටපු ජනාධිපතිවරුන්ට හිමි වාහන ගණනද දෙකකට සීමා කර තිබෙන බව ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.

Colombo Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඉතිහාසයේ ප්‍රථම වරට විභාග කොමසාරිස් ධූරයට කාන්තාවක්
Next Article ශ්‍රී ලංකා නාවික ඉතිහාසයේ විශාලතම බහාලුම් නෞකාව කොළඹ වරායට පැමිණෙයි
kumudika

Related Posts

ලෙබනනයේ සිටින ලාංකිකයන්ට තානාපති කාර්යාලයෙන් නිවේදනයක්

June 17, 2025

ඊශ්‍රායල් ප්‍රහාර වලින් ඉරාන බුද්ධි සේවා ප්‍රධානි මරුට

June 17, 2025

ඊශ්‍රායල් රැකියා සඳහා ලාංකිකයන් පිටත් කිරීම තාවකාලිකව අත්හිටුවයි

June 16, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.